අපේ කතාව !

Start from the beginning
                                    

??? : හරි ඔම්මා. Good night. ආදරෙයි ඔයාටත් ..

Hang up.

මේක තමයි මට අද විශේෂ දවසක් වෙන්න හේතුව .. අද කියලා මන් කීවේ මොකද දැන් 12 පහුවෙලා නිසා.. අද මගෙ ඔම්මාගෙ උපන්දිනේ නේ .. දැන් මගේ කාර්යබහුල ජීවිතේ නිසා මට කොහොමත් company එකෙන් අද නිවාඩු දෙන්නේ නෑ..හේතුව දන්නවනේ ඉතින් ඔයාලා ත් ..මන් හරි ආසයි අද වගේ දවසක ඔම්මව බලන්න යන්න... ඒ නිසා තමයි මම රෑ 12ට alarm එකක් තිබ්බේ කොච්චර මහන්සිය නිදිමත තිබ්බත්.. ඒත් මට මහන්සි වැඩි නිසා ම phone එක කොහෙ තිබ්බද කියලවත් මට සිහියක් නෑ. ඒ නිසා තමයි බොම්ග්‍යු මට phone එක ගෙනත් දුන්නේ. ඒ හිටියෙ බොම්ග්‍යු. ඒ කියන්නේ අපේ පුංචි පවුලෙ මද්දුමයා කිව්වොත් හරි.. පවුල කියලා මම අදහස් කරේ අපේ group එක.. ඒ කියන්නේ Tomorrow X Together නොහොත් TXT කියන ලෝක ප්‍රසිද්ධ ගායක කණ්ඩායම. ..දැන් මම කවුද කියලත් කියන්නම්... මම තමයි අපේ පවුලේ වැඩිමලා. මම Choi Yeonjun. මේ පුංචි පවුලෙ මුළු බරම මගෙ කරට තමයි පැටවිලා තියෙන්නේ. හැබැයි ඒ බර මගෙ කරටම පැටවෙන්න නොදි මගෙ සෙවනැල්ල වගේ මගෙ ළගින් ම හිටියේ තාමත් ඉන්නේ Soobin. හරියට බැලුවොත් එයා තමා අපේ group එකේ leader ..ඔයාලා බලනවා ඇති ඇයි මාව leader නොකළේ කියලා , එකට හේතුව ක් තියෙනවා මන් එක ඔයාලට පස්සේ කියන්නම්.. හැබැයි මට වඩා එයා තමයි මේ තනතුරට හරියන්නේ මොකද එයා තරම් වගකීමකින් වැඩ කරන කොල්ලෙක් මන් දැක්කා ම යි...මම දෙයක් කියන්නත් කලින්ම "හ්‍යුන් මම ඒක බලාගන්නම්" කියන්නේ හරියට එයා මාව තේරුම් අරන් වගේ..එයාගේ ඒ තේරුම් ගැනීමට මන් හරි ආසයි ..එයා විතරක් නෙමෙයි අපේ පවුලේ ඔහොම වැඩ කරන්නේ .. තව සාමාජිකයන් දෙන්නෙක් ඉන්නවා. එයාලා තමයි Teahyun සහ Huening Kai. අපේ පවුලෙ බාලයා තමයි Kai. Teahyun නුත් එයාගෙ වයසෙම වුනාට එයා Kai ට වඩා මාස 6 කින් වැඩිමල්. මේ තමයි අපේ පුංචි පවුල. මේ පවුල මේ විදිහට නිර්මාණය කරන්න දායක වුන ගොඩාක් අය ඉන්නවා...වෙලාවකට මම දුක් වෙනවා මට මගෙ වයසෙ අනිත් අය වගෙ අම්මලා තාත්තාලත් එක්ක ඉන්න බැරි වුන එක ගැන.. හැබැයි ඒ හැමවෙලාවෙම මම මගේ පුංචි පවුල දිහා බලලා සතුටු වුනේ අම්මගෙ තාත්තාගෙ උණුහුම ඕනි කරපු හැම වෙලාවෙම මගේ මල්ලිලා ටික මන් ගාවින්ම හිටපු නිසා.. මම ඇත්තටම වාසනාවන්තයි මේ වගේ පවුල් 2ක් මට ලැබුනු එක ගැන. මොකද මේ ලෝකේ හරියට පවුලක්වත් නැති මිනිස්සු ඉන්නවා.. ඒ වගේ මිනිස්සුන්ට පවුලක් ඉන්නවා කියලා එයාලට හඟවන එක තමයි අපි අපේ මුළු ජීවිතේම කැප කරලා කරන්නේ.. ඔම්මට Call කරපු වෙලේ ඔම්මා මගෙන් ඇහුවා මොනාද තාමත් ඇහැරගෙන කරන්නේ කියලා. මොකද මම මගේ ජීවිතේ මන් කැප කරන කිසිම දෙයක් එයාලට කියලා නෑ.. වෙනදට පාන්දර එක දෙක වෙනකනුත් අපි කරන්නේ practice කරන එක. ඒත් අද මට ටිකක් තනියම ඉන්න ඕනි නිසා තමයි මම කලින් ගෙදර ආවේ. ඉතින් මම මේ වෙලාවෙත් ඇහරගෙන මොකද කරන්නේ කොහොමද කියලා ඇහුවාම මම කොහොමද ඔම්මට කියන්නේ අපි මේ වෙලාවටත් practice කරනවා කියලා...මගේ ඔම්මා හරියට නිකන් හා පැටියෙක් වගේ එයාගේ හිත රිදෙනව ට මන් කොහොමත් ආස කරේ නැහැ..අපි කට්ටිය මෙච්චර මහන්සි වෙන්නේ අපේ මේ පුංචි පවුල ලොකු තැනකට ගෙන්න ඕනේ ආශාව හින්ද මයී..අපේ moa පවුල හිටියේ නැත්තං අපිට කවදාවත්ම මේ තැනට එන්න හම්බ වෙන්නේ නැහැ...ඒ තමයි මගේ 3 වෙනි පවුල ...එයාලට මන් මගේ මල්ලිලා තරම්ම ආදරෙයි ...

මේ හැමදේම හිතින් ම ගනුදෙනු කරගෙන කදුලකට එය බාරදීලා මේ ඔක්කොම කදුළු එක්කම ගියා දෙන් කියලා ආයෙත් කොට්ටෙත් බදාගෙන නිදියාගන්න ගියේ මේ දේවල් කොහොමත් මට පුරුදු දේවල් නිසා...මේ කදුළු වැටෙන්නේ මගේ හිතේ සතුටට යි මගේ ඇගේ තියෙන මහන්සිය ට යි........

...............................!



ඉතිං යාළුවනේ !
මෙහෙම පටන් ගත්ත අපේ කතාව මුල් පරිච්ජේදය මෙහෙම ඉවර කරන්නේ තවත් අපේ කතාවේ කියන්න තව ගොඩක් දේවල් ඉතුරු කරගෙන ....,🌼🖤 මේකේ ලොකු අයියා ගැන විතරක් කථාකෙලේ ඔයාලට පොඩි දෙයක් කියන ගමන්මයි ...ඊළග කථාවලදි ඔයාලට අනිත් අය්යලා වත් වෙනස්ම කථාවකින් හම්බ වෙයි ...,

මෙහෙම කතාවක් ඔයාලට කියන්නම ඕනේ කියලා දෙන්නෙක් හරිම ආසාවෙන් ඉන්නේ ...මොකද අපි දකින තරම් එයාලා සතුටින් නෙමෙයි ඉන්නේ මොකද්ද හරි ඇත්ත කියලා එයාලගේ හිත් විතරයි දන්නේ...අපිට ඕනේ ඒ ඇත්ත ඔයාලට කියන්න මෙහෙම ...

🌼..,

Choi_Seoyeon
මේ කතාව ලස්සන කරන්න ලොකුම උදව්ව කරන මෙයාට මන් හදවතින්ම ආදරෙයි....! මන් දැක්ක හොඳ moa කෙනෙක් එයා මට ගොඩක් උදවු කරනවා , කරමින් ඉන්නවා මේ කතාව ලස්සන කරන්න ....,

ඉතිං අනිත් කතාවෙන් හම්බ වෙන බැවින් සමුගන්නම් දැනට ;!🤍
මන් park_myung_hee

🤍🖤 ....🌼🖤

..
....
.....
......
.......
........
.........

UNDER THE BLUE SKY 🌼🤍Where stories live. Discover now