" Hay .. Park Jimin's Cabin .. ? "

" yeah ... අම් .. ම්.. "
තවමත් reception එකේ ගර්ල් ඒ ආව කෙනා දිහා බලාගන ගොත ගැහුවා...

මුළු company එකේම එහෙ මෙහෙ යන කෙල්ලො ඔක්කොම ඒ කෙනා දිහා දෙපාරක් නම් අනිවාරෙන් හැරිලා බැලුවා ...

" අහ්ම් ... මේ තුන්වෙනි කැබින් එකෙන් වමට යද්දි හ.. හම්බෙයි .. "
කෙල්ල එක පාරක් වත් ඒ කෙනාගෙන් ඇහැ අහකට නොගෙනම කියලා දැම්මා..

" ම්ම් කූල් .. Thank You ... "

එයා එතනින් ඇතුලට යනවත් එක්කම තවත් කෙල්ලෙක් අර reception ගර්ල් ලගට දුවන් ආවා....
" හේයි .. ඒ කවුද ... ? Actor කෙනෙක් වත්ද .. ? "

" ච් ... No .. Writer ... එයාගේ පොතෙන් තමා අලුත් film එක හදන්න ඉන්නේ .. "
Reception ගර්ල් එහෙම කියලා ඒ කෙනා ගිය පැත්‍ත බලාගන හීල්ලුවා...

°°°°°°

" හොදම කොටස පස්වෙනි පිටුවේ තියෙනවා .. ඔයාගේ අවසරයකින් තොරව එයාලට කතාව වෙනස් කරන්න බෑ__ "
ජීමින් කතාව එක්කම දිගටම contract එක ලියද්දි මෙච්චර වෙලා එයාගේ ඉස්සරහා වාඩිවෙලා හිටිය ඒ ඉරි ශර්ට් එක අත පය දිගෑරලා ලොකු ඈණුමක් යැව්වේ ජීමින් කතා කරපු දේත් නවත්තලා ඒ දිහා බලද්දි ...

" අහ් ... I'm ... I'm Sorry .. මම අද නෙදර්ලන්ඩ් වලට flight එකේ ආවේ ... You know .. Long flights .. ටිකක් පරක්කුත් උනා ඒක ..
අ ... ම් මට plane එකේ නින්ද යන්නේ නෑ ඒකයි____"
එයා එක දිගට උත්තර බඳිද්දි ජීමින් ටිකක් හිනා උනා ....

" ඒකට ප්‍රශ්නයක් නෑ .. ම්ම් Coffee ... ? "
ජීමින් එහෙම ඇහුවා....

" අම් ... මට bed එකක් දෙන්න බැරිද .. ? "

" What .. ? "
ජීමින් ඒකට නම් confuse උනා...

" ම්ම් සෝෆා එක උනත් අවුලක් නෑ ... "
එයා එහෙම කියද්දි ජීමින් කොල ටික ඇකිලුවා...

" Soo Sorry .. ඔයාට දැනට දෙන්න පුළුවන් coffee එකක් විතරයි ... "

" Good ... Shall we .. ? "
එයා වාඩිඋන තැනින් නැගිට්ටේ බෑග් එකත් කරට දාගන....

ඒත් ජීමින් වාඩි උන තැනම ඉදන් බලා හිටියා විතරයි ....
" අහ් අපේ company එකෙන් coffee ගන්න පුළුවන් .. "
ජීමින් හිනාවක් දැම්මේ මේ කෙනාගේ හැසිරීම හිතාගන්න බැරුව ...

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now