⏳ Chapter 01 ⏳

Start from the beginning
                                    

" ඉතින් දෙයියනේ මන් කරේ නැත්තන් මන් වැරදි කාරයා වෙන්නෙ කොහොමද ? "

" ඒ ඔයාගෙ අයියා වෙන්න පුළුවන්. දන්නවද අද කාලෙ සහෝදරයො කොච්චර මරා ගන්නවද කියලා දේපල ඉඩම් කඩම් වලට ? මේක හැත්තෑව දශකෙ නෙවෙයි. බැඳීම් කියන දේවල් වලට බෑ දැන් මිනිස්සුන්ව පාලනය කරන්න. ඔයා ඔය ගේන තර්ක කොහෙත්ම උසාවියෙදි මට කියන්න බෑ."

නීතිඥ ටේයොන්ගෙ හඩ උසාවිය පුරා දෙදරුම් කද්දි හෝසොක් දෑතින්ම ඔලුව බදාගෙන මේසෙ මත ඔලුව තද කරන් ඉකි ගහන්න ගත්තෙ ව්‍යාකූල වෙලා හිටපු ටේයොන්ගෙ අවදානයත් ඒ මතට ගනිමින්.

" දෙයියනේ මන් කරේ නෑ... මන් මැරුවෙ නෑ... මන් මගෙ අයියව මැරුවෙ නෑ... මාව මෙහෙම බොරුවට හිර කරන් ඉන්න එකෙන් වෙන්නෙ ඇත්ත මිනී මරුවො නිදැල්ලෙ ඉන්න එක. උන්ට දඩුවම් දෙන්න ඕනි මට... මට මගේ අයියව නැති කරපු උන්ගෙන් මේ හැමදේකටම පලි ගන්න ඕනි... අද උන් හින්දා මන් අසරන වෙලා... මගෙ අයියා කාටවත් වරදක් කරලා නෑ.... මන් දන්නෑ කව්ද මැරුවෙ ඇයි මැරුවෙ කියලා..."

" හෝසොක් මේක උසාවිය. කලබල කරන්න එපා. ඔය විදිහට ගියොත් මේක අපිට කරන්න බෑ. ප්ලීස් මන් කියන දේ අහන්න ඉස්සෙල්ලම."

මාංචු වලින් බැදිලා තිබුන අත් දෙකෙන් මූනට වැටිලා තිබුන කොන්ඩෙ දෙපැත්තට ඇද ගන්න ගමන් නැවතත් හෝසොක් නිහඩ වුනා. ඒ අතර නීතිඥ ටේයොන් ගැබුරු කල්පනාවක ගිලී මේසය මත තිබුනු ෆයිල් වල යම් යම් දේවල් සටහන් කරන්න උනා.

විනාඩි කිහිපයක් ගත වෙනවත් එක්කම ටේයොන් අතේ තිබුන බෝල්පොයින්ට් පෑන එක වරම මේස මතින් තබා නැගිට්ටේ හෝසොක්වත් තිගස්සන ගමන්.

" යෙස්.. ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්න. පැනලා යන්න එහෙම හදන්න එපා මන් ඉක්මන්ට එන්නම්."

"කොහෙද යන්නේ....?"

හෝසොක්ගෙ හඩ නෑසුන ගානට ටේ උසාවි ගර්භයෙන් එලියට දිව්වෙ ලග හිටපු පොලිස් නිළධාරියො දෙන්නෙක්ට හෝසොක්ගෙ වගකීම ටික වෙලාවකට බාර කරලා. උසාවියෙන් එලියට ආපු ටේ එයාගෙ වාහනෙත් අරන් පුළුවන් ඉක්මන්ට හෝසෝක්ගෙ ගෙදරට වාහනේ අරන් ගියා. මිනී මැරුමක් වුන ස්ථානයක් කියලා නම් කරලා තිබුන හෝසොක්ගෙ ගෙදරට ඇතුලු වෙන්න පුළුවන් උනේ අපරාද පරීක්ෂක වරුන්ට, විත්තිකාර නීතිඥවරයාට සහ පොලිස් නිළධාරීන්ට පමණයි. ගේ ඇතුලට ගියපු ටේ ඔලුව හතර අතේ කරකව කරකව හෙව්වෙ මිනී මැරුමට අවශ්‍ය සාක්ෂි තියනවද කියලා. මිනී මැරුම සිද්ද වෙච්ච තැන බොහොම සියුම් ලෙස පරීක්ෂා කරපු ටේ ඊළගට ගියේ ජන් හෝසොක්ගෙ නිදන කාමරේට.

♡  ▎𝙷𝙴𝙰𝚃 𝙾𝙵 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃  ▎♡                            [ongoing]Where stories live. Discover now