⏳ Chapter 01 ⏳

Start from the beginning
                                    

පැමිණිලි පාර්ශවය :-
" ස්වාමීනි කෙටි විවේකයක් ලබා ගන්න පුළුවන් ද ? "

ප්‍රධාන විනිසුරු :-
" විත්තිකාර පාර්ශවය විවේකයක් ලබා ගැනීමට එකගද ? "

විත්තිකාර පාර්ශවය :-
" එකගයි ස්වාමීනී "

ප්‍රධාන විනිසුරු :-
" එසේනම් විනාඩි විස්සක විවේක කාලයෙක් පසු නැවත්තත් ඊළග නඩු වාරය පැවැත්වෙනවා. "

ප්‍රධාන විනිසුරු ඇතුලු විනිසුරු මඩුල්ලේ නික්ම යාමත් සමග උසාවියේ සෙසු පිරිසද විසිර ගියේ විත්තිකාර පාර්ශවය පමණක් උසාවි ගර්භය තුල ඉතුරු වෙද්දි. නඩුව ගොනු වී තිබුනේ ජන් හෝසොක් නමැති අවුරුදු 27 ක් වයසැති තරුණයෙකුට විරුද්ධව වන අතර එය මිනී මැරුමක් සම්බන්ධවයි. විත්තිකරුගේ වැඩිමාල් සොයුරා වන මින් යුන්ගි නමැත්තාව සිය නිවසේදී ඝාතනයකොට ඇති බවට එල්ල වූ චෝදනාව වටා මෙම නඩුව ගොනු වී තිබුනි. නඩුවේ විත්තිකාර පාර්ශවයේ නීතිඥවරයා ලෙස කටයුතු බාර උනේ නීතිඥ කිම් ටේයොන් වෙතටයි. දැනට සතියකට පමණ ඉහතදී ආරම්බ වූ නඩු විභාගය මේ දක්වා ඇදුනේ තවමත් විත්තිකරුට විරුද්ධ ප්‍රමානවත් සාක්ෂි ගොනු කර ගැනීමට නොහැකි වූ නිසා.

" නඩුව පරාද උනොත් මට දිගටම හිරේ ඉන්න වෙයිද නීතිඥතුමනි ? "

" මේක මිනී මැරුමක් සම්බන්ධව එල්ල වෙච්ච චෝදනාවක්. විත්තිකරු සම්පූර්ණ වැරදිකරු කියලා උසාවියෙන් තීන්දුව දුන්නොත් හෝසොක්ට ජීවිත කාලෙම සිර දඩුවම් ලැබෙන්න පුළුවන්. දැනට එයාලා හොයාගෙන තියන සාක්ශිත් අපි බොරුයි කියලා ඔප්පු කරන්න හැදුවට ඒක කරන්න බෑ. මොකද ඒ ලේ සාම්පල් එක ඔයාගෙ ලේ වලට බොහෝ දුරට සමානයි. විත්තිකරුට විරුද්ධව තවත් සාක්ෂියක් හම්බුනොත් අනිවාරෙන්ම උසාවියෙන් තීන්දු කරයි අපි වැරදී කියලා. තේරුනාද ? "

" ඔබතුමත් හිතන්නෙ මන් මේ මිනී මැරුම කරා කියලද ? මන් ඇයි එහෙම දෙයක් කරන්නෙ ? ඒ මගේ අයියනෙ මන් මොකටද මගේම අයියව මරන්නෙ ? මොනවා ලබා ගන්නද ? "

" මේ අහන්න. ඔය වගේ මෝඩ තර්ක උසාවියට ඉදිරිපත් කරොත් කෙලින්ම හිරේට දායි. මගෙ රස්සාවත් නැති වෙයි. මගේ වැඩේ ඔයා මේ මිනී මැරුම කරේ නෑ කියලා ඔප්පු කරන එක මිසක් නිදහසට කරුනු හොයන එක නෙවෙයි."

♡  ▎𝙷𝙴𝙰𝚃 𝙾𝙵 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃  ▎♡                            [ongoing]Where stories live. Discover now