⏳ Chapter 01 ⏳

215 15 19
                                    



විත්තිකාර පාර්ශවය :-
"ස්වාමීනී, විත්තිකරු පවසන ආකාරයට ඔහු තම සහෝදරයාගෙ මිනී මැරුම වන අවස්තාවේ එම ස්තානයේ සිට නැත. එවන් පසු බිමක මෙම මිනී මැරුමට විත්තිකරු සම්බන්ධ යැයි පවසන්නේ කෙසේද ? "

පැමිණිලි පාර්ශවය :-
" නමුත් ස්වාමීනී මිනී මැරුම සිදු වුන ස්තානයේ විත්තිකරුගේ ඔරලෝසු මූන තිබිලා හමු උනා. මේ තියෙන්නෙ ඒක. විත්තිකරු මේ සිදුවීම වන විට එහි නොසිටියේ නම් රුධිරය තැවරුන අත් ඔරලෝසු මුහුනත එතෙන්ට ආවෙ කොහොමද ? අනිත් කාරණාව තමයි මේ රුධිරය විත්තිකරුගේ රුධිරය සමග සීයට අනූනවයක්ම ගැලපෙනවා. "

විත්තිකාර පාර්ශවය :-
" ස්වාමීනී ඔරලෝසු මුහුනතේ තිබුන රුධිරය මෙම විත්තිකරුගේ රුධිරය බව ඇත්තක් මා මෙන්ම විත්තිකරුත් එයට එකග වෙනවා. නමුත් ඒ සාක්ෂි පමණක් ප්‍රමාණවත් වන්නේ කෙසේද මේ මිනී මැරුම කලේ විත්තිකාර ජන් හෝසොක් විසින් බව ඔප්පු කිරීමට. එතන සිදු වූ සිදු වීම මීට හාත්පසින්ම වෙනස් සිදුවීමක් වෙන්නත් පුළුවන්."

පැමිණිලි පාර්ශවය :-
" ස්වාමීනී විත්තිකාර පාර්ශවය අදල සිදු වීම ගැන උපකල්පන වලට එලබීම මගින් උසාවිය නොමග යැවීමට උත්සාහ කරනවා."

විත්තිකාර පාර්ශවය :-
" එය එසේ නම් ස්වාමීනී මේ රුධිර සාම්පලයෙන් පමණක් විත්තිකාර ජන් හෝසොක් මෙම මිනී මැරුම සිදු කල බවට සීයට සීයක්ම ඔප්පු කරන්නේ කෙසේද ? "

ප්‍රධාන විනිසුරු :-
" පැමිණිලි පාර්ශවයට මේ ගැන සනාත කරන්න පිලිගත හැකි වෙනත් සාක්ෂි තිබේද ? "

උසාවියම විනාඩි කීපයක නිශ්ශබ්දතාවක පැවතියේ පැමිණිලි පාර්ශවයේ පිලිතුරක් බලාපොරොත්තුවෙනි. නමුත් පැමිණිලි පාර්ශවය සිටියේ තරමක් නොසන්සුන් ස්වභාවයකිනි. මිනී මැරුම සිදු වූ ස්තානයෙන් ලබා ගත් රුධිර සාම්පලය විත්තිකාර ජන් හෝසොක්ගේ රුධිරය සමග ගැලපුනත් එය ඔහු විසින් සිදු කල මිනී මැරුමක් බව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණ වූයේ නැත. තවද විත්තිකාර පාර්ශවය එම සාක්ෂිය සම්පූර්ණයෙන්ම විවේචනයට ලක් කිරීම නිසා පැමිණිලි පාර්ශවය සිටියේ දැඩි අපහසුතාවයකිනි. තප්පර කිහිපයක දැඩි නිහඩතාවයකින් පසු නැවතත් පැමිණිලි පාර්ශවය හඩ අවදි කරා.

♡  ▎𝙷𝙴𝙰𝚃 𝙾𝙵 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃  ▎♡                            [ongoing]Where stories live. Discover now