එහෙට මෙහෙට උනා....ඊටපස්සෙ මට තේරුනා මගේ ළඟට එනවා....මං සද්ද නැතුව හිටියා....

එයා මගේ මූණ ඉස්සරහින් එයාගේ අත එහෙට මෙහෙට කරේ මං නිදිද බලන්න වෙන්න ඇති....

එයා මගේ කොන්ඩෙ අස්සෙන් එයාගේ දිගැටි ඇගිලි එහෙට මෙහෙට ගෙනිච්චා....ඊටපස්සෙ මගේ නලලට කිස් එකක් දුන්නා....

මට සමාවෙන්න ශාන්....මං ඔයාට කියපු දේවල් හිතලා කිව්වෙ නෑ....ඔයා සූට වෙච්ච දේට වැරදිකාරයෙක් කියලා මං කියන්නෙ නෑ....ඒත් මට ඔයාව තාම නිර්දෝෂී කියලා කියන්නත් බෑනෙ....ඒ මොනවා උනත් මං ඔයාට ආදරෙයි.....මට පාලනයක් නැතුව කියවෙන ඒවට මං පසු තැවෙනවා.....අන්තිමට ඔයා මටත් බය වෙලා නේද....මට තියන ආදරෙත් මෙහෙම්මම නැතුව යයි....මං කොහොමද එහෙම උනොත් දරා ගන්නෙ....

එයා එහෙම කියලා මාව තදින් බදා ගෙන නිදා ගන්න ශීට් එක පොරව ගත්තා....

ටික වෙලාවකින් මගේ පිට කදුලු වලින් තෙත් වෙනවා දැනුනා....මට කරන්න දෙයක් හිතා ගන්න බැරි උනා...මට නැගිටින්නත් බෑනෙ....

මං නිදි වගේම එයාගේ පැත්ත හැරිලා එයාගේ පපුව උඩින් ඔලුව තියා ගද්දි එයා හෙනම ආදරෙන් මාව බදා ගත්තා කියලා මට දැනුනා....

උදේ මං ඇහැරෙද්දි එයා පල්ලෙහාට ගිහින්.....

මාත් හිමීට පල්ලෙහාට ගියා...

යද්දි කෑම මේසෙ හදලා ඉවරයි...එයා මේසෙ කෙළවරේ හාමුමහත්තයා වගේ ඉඳගෙන ඉන්නවා...

සර් ඉඳ ගන්න...

සේවකයෙක් එහෙම කියද්දි මං හා කිව්වා....

මං එයාගේ ඉස්සරහ තිබ්බ පුටුවෙන් ඉඳ ගත්තා...

කෑම කෑවෙත් කිසි සද්ද බද්ධයක් නැතුව.....මං එහෙම්මම යුනි යන්න නැගිටිද්දි....

ශාන්......

අම්මෝ...ඇති යන්තම් මං බලාපොරොත්තු උන වචනෙ....එයාගේ කටහඬ....

ඇයි....

එන්න...ඇවිත් මගේ ඔඩොක්කුවෙන් ඉඳ ගන්න.. 

නෑ...හ්...මං මෙතන ඉඳ ගන්නම්....

මං ලැජ්ජාවෙන් එහෙම කියද්දි එයා මං දිහා උකුසු බැල්මක් දාලා...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now