ONE SHOT

10 3 0
                                        

MY ENGLISH TEACHER
HIRU_s_taehyung
Short story..

හැමදාම උදේ හත වෙද්දි මන් ගෙදරින් එලියට බහින්නෙ දාහක් ආරක්ශාව මැද්දෙ.ඉස්සරහින් වාහන දෙකයි පිටිපස්සෙන් වාහන දෙකයි.ඉස්කෝලෙ ගාවට යනකල්ම හිර කාරියක් වගේ ගිහින් බහිද්දි මට දැනුනු ලැජ්ජාව නම් කියල නිම කරන්න බෑ. එදා වේල හොයාගෙන කාල ජීවත් වෙන පුන්චි මිනිස්සු මේ වගේ ජීවිත දිහා බලල අනේ මටත් මෙහෙම එකක් තිබ්බ නම් කියල හූල්ලන එකම අපරාධයක්. මොකද පොහොසත් කියල ලේබල් කරපු ජීවිත ඇත්තටම පොහොසත් නැති නිසා. සැනසීමක් කියල නාමයක් හරි තියෙන්නෙ මේ ගේට්ටුවෙන් එහා පැත්තෙ කියල දන්න නිසයි වාහනෙන් බැහැපු ගමන් තාත්තගෙ හෙන්චයියන්ටවත් යන්නම් නොකියම ඉස්කෝලෙ ඇතුලට දුවන්නෙ. අම්ම හරි තාත්තා හරි ආව කියලත් ඒකෙ ඒ හැටි වෙනසක් නෑ. ඉස්කෝලෙ ඉන්න හැම ලමයෙක්ම මගෙ යාලුවෙක් වෙන්න දගලන්නෙ මන් ලොකු වාහනේකින් ඇවිල්ල ඉස්කෝලෙ ගාවින් බහිනව දකින නිසාද? නැත්තන් මන් රටේ ලොක්කෙක්ගෙ දුවෙක් කියල දන්න නිසාද?

ඒත් ඇත්ත තත්වෙ ඔය කට්ටිය දන්නව නම් මාව දැක්කමත් අහක බලාගනී. කෝමහරි වෙලා මට යාලුවො ඉන්න එකට නම් මන් ගොඩක් සතුටුයි. එදා මට විශේශ දවසක් . මොකද ඉතින් 16 වෙනි උපන් දිනේ හැමදාම එනව කියල යෑ. අම්ම එයාගෙ තත්වෙ පෙන්නන්න හදල දුන්න සාමාන්‍ය කෙනෙක්ට මාසෙම පඩි එකතු කරලවත් ගන්න බැරි රසකැවිලි ටික විවේක කාලය වෙලාවෙ බෑග් එකෙන් එලියට ගත්තම මගෙ වටේ කූඹි වගේ යාලුවො එකතු උනා. පන්තියට ගුරුවරයෙක් එනකල්ම  කට්ටිය කෑ ගැහුව එකමයි කරේ.

පන්ති භාර TEACHER  එක්කෙනෙක්ට දෙන්නෙක්ට පාරක් ගහනකල්ම කාටවත් ඉදගන්න නම් බැරි උනා. අනේ මන්ද අපේ අම්මට බයේද කොහෙද එක ගුරුවරයෙක් වත් මට අතක් උස්සල නෑ. ඉතින් අර හැම ආදි ශිශ්‍යයෙක්ම කියල ගුරුවරුන්ගෙන් ගුටි කෑම නම් සුන්දර අත්දැකීම නම් මන් විදල නෑ. ඒ වෙනුවට අම්මගෙන් තාත්තගෙන් ගුටි කාල තියෙනවා.

පන්ති භාර TEACHER  අපිව නිශ්ශබ්ද කරේ අපිට කෙනෙක්ව හදුන්වල දෙන්න. එයා කිව්ව විදියට නම් ඒ තමයි අපේ ENGLISH  TEACHER . මෙයා TEACHER  කෙනෙක් වෙන්න EXAM ලිව්වෙ කොයි කාලෙද දන්නෙ නෑ. මොකද එයා ගොඩක් තරුණ පාටයි.. මට දකිද්දිත් පුදුම හිතුනා. කෝමහරි පන්තියේ ගෑනු ලමයි ටිකගෙ නම් ඇස් තිබුනෙ එතන. පුදුමයක් නෑ ඇත්තටම එයා ගොඩක් කඩවසම්.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 11, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

My english teacher Where stories live. Discover now