~ PUNISHMENT 2 ~

780 144 101
                                    


කෙටි කතාවකි..

" සුදු පුතා මොන වදයක්ද අනේ මේ දෙන්නේ.. පරක්කු වෙනවා ළමයෝ මට.. කෝ අහකට යන්න.. අර මිනිස්සු තව ටිකෙන් රෑ කෑමට එයි.. "

🦁 අනේ අම්මා... මොකක්ද අප්පා... පීස් පීස් තේ හදන හැටි කියා දෙන්නකෝ...

" මම වැඩ ළමයෝ.. "

🦁 අනේහ්... කියා දෙන්නකෝ... මොකක්ද අනේ.. අනේ අනේ....වන්ග් කෙල්ලේ... කියා දෙන්නකෝ... පීස්....මෑණියනී කියා දෙම්න...

" හැදි පාර නොකා යනවා.... 😡😡 "

යීබෝ ගස්සගෙන ගිහින් කුස්සියේ පුටුවකින් වාඩි වෙලා මේසෙට ඔලුව ගහගත්තා... කොල්ලා දැන් කල්පනා කරන්නෙ අම්මට කියලා මේක හදාගන්න හැටි අහගන්න විදිය...

" හරි.. මෙහෙ එනෝ.. මන් හදලා පෙන්නන්නම්.. ඊටපස්සෙ අහන්න එපා... තනියම හදන් බොන එකයි ඇත්තෙ... "

🦁 අනාව් මගෙ කිරිකිරි බෝලේ...

" එන්න ළමයෝ....අර මිනිස්සු එයි... "

මිසිස් වන්ග් යීබෝගේ අතකින් ඇදලා අරන් ලගට අරන් තේ හදන්න පටන් ගත්තා..

" මේක තමයි තේකොළ ගොට්ට.. මේකට මුලින්ම අපි මේ ගානට තේ කොළ ටිකක් දාගන්නවා.. "

🦁 අයියෝ කෝප්පෙටම දාමුකෝ... ලේසියි නෙහ්...

" ළමයෝ... 😡😡 "

🦁 ආ...හරි හරි.. මේ ආකාරයෙන් ගොට්ටට තේකොළ මදක් දමනවා.. ඉන් අනතුරුව කුමක්ද චෙෆ් වන්ග් කරන්නෙ...

යීබෝ අතින් මයික් එකකුත් හදන් අත ලන් කරේ මිසිස් වන්ග් ගෙ කට ගාවට.. තමන්ගෙ එකම පුතාගෙ කෝලම් දැකලා මිසිස් වන්ග් ටත් හිනාවක් ගියා..

" ඊටපස්සෙ අපි උණු වතුර මෙහෙම ගොට්ටට දානවා.. අපිට අවශ්‍ය ගානට කහට පාට එනකල් කෝප්පෙට... ඊටපස්සෙ සීනී හැදි දෙකක් වගේ දාලා හැදි ගාලා බොනවා... සරලයි... "

🦁 සුන්දරයී... බීලා බලමු.... වාහ්...පස්ට...

යීබෝ තේක බිබී ඉද්දි මිසිස් වන්ග් නැවත උයන්න පටන් ගත්තා... යීබෝ දැන් ලෑස්ති වෙන්නෙ තේ හදන්න..

🦁 ආයූබෝවන් ඔබ මේ එකතු වන්නේ තේ හදන කොම්ලා එක්කයී.. අප මුලින්ම මේ ආකාරයෙන් ගොට්ටට තේ කොල දමා පසුව උණු වතුරද පසුව සීනීද දමා කලවෑම් කොට රසකර පානය කරනු මැනවී...

༒ ρ υ η ι ѕ н м є η т  ༒                                      ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Where stories live. Discover now