✒️ පළවෙනි ගෙතුම....

Start from the beginning
                                    

? මේතරම් ලස්සන අදහස් සිතුවිලි ඇත්තටම පුදුමාකාරයි ...ඉතින් අපිට කියන්න ඒ ගැන ...

හ්ම්ම්ම්ම්.... එහෙම විශේෂයක් නෑ... මට දැනෙන දේ මට හිතෙන දේ මම පිළිවෙලකට අකුරුකරනවා එච්චරයි ...

? ඔබතුමන් චීන ජාතිකයෙක්.... ඉතින් මැන්ඩරින් භාෂාවෙන් වෙබ් නවකතාවක් පළකරන්න අදහසක් නැතිද...

කොහොමත් ඒකත් නුදුරේදීම සිදුවෙයි....

?  අදින් අවසන් වන because of you වෙබ් නවකතාව පිළිබඳව පුංචි  අදහසක් වගේම එම නවකතාව සමග මෙතුවක් කාලයක් රැඳී සිටි පාඨක ජනතාවට ඔබේ අදහස් ප්‍රකාශ කරන්න....

Because of you කියන්නේ මම හිතන්නේ මගේ අතින් ලියැවුනු හතරවෙනි වෙබ් නවකතාව... අනෙක් නවකතා ත්‍රිත්වය ටත් වඩා මේ වටා විශාල පාඨක ජනතාවක් එකතුවුනා... ඒකට පළවෙනි හේතුව තමයි වෙබ් නවකතාව  bl story එකක් වීම... ඉතින් මගේ කතාව රස වින්ද  හැමෝටම ස්තුති කරන්න මම මේක වෙලාව කරගන්නවා.....

? එසේනම් ඔබගේ අලුත් වෙබ් නවකතාව ගැන පුංචි හැඳින්වීමක්  සිදුකරමින්ම  පළවෙනි පරිච්ඡේදය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඔබේ වචනවලින්ම රසවිඳින්නට සලස්වන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.....

යලිත් කන් බිහිරිකරවන අත්පොලසන් හඩක්...... ශාන් ඔහු අත තිබූ ටැබ් එක ඔන්කලේය  .... දේශන ශාලව ඇල්පෙනිත්තක් වැටුනත් දෝංකාර දෙන තරමට නිශ්ශබ්ද විය....
 

ශාන් උගුරේ රැල් බුරුල් හැර එය කියවන්නට පටන්ගත්තේය ..               

.. පූර්විකාව.....

පූර්විකාවක් අවැසි වන්නේ පැහැදිලි අවසානයක් ඇත්නම් පමණකි ... ඉදින් මගේ කතාවට පූර්විකාවක් මා අමුණන්නේ එහි අවසානය අසලින් බව මෙයින් පවසමි.....

.. ශාලාව තුල කුඩා කසු කුසුවක්..... ශාන් යලිත් කතාව ආරම්භ කරද්දී එහි නිහැඩියාව පැතුරුණි...

.. පිදුම....

නුඹට....හිනාවෙන ඇස්වල හිමිකරුට......ඔව් මා හද සොරකම් කල නුඹට..... අතින් අල්ලන්නට යද්දි ගිලිහී ගිය නුඹට.... ඔය සිනහවෙන් මා පිස්සෙකු කල නුඹට.... කොටින්ම මට මාව අමතක කල නුඹට ......... මෙය පුදමි....

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now