ආයිමත් දවසක..07

Start from the beginning
                                    

අම්මල නැති උනාට පස්සෙ මේ යශිර කලන්තෙ දාපු දෙවනි වතාව නේද කියල යශිරගෙ අයිය එයාටම කියාගත්තා...
මුලින්ම කුරුණෑගල හොස්පිටල් එකේදි යශිර විශාල්ව දැක්ක වෙලේ කලන්තෙ දාද්දි යශිර්ව අයිය අල්ල ගත්තා..
හොස්පිටල් එකේදිම එහෙම උන නිසා ඩොක්ටල ටක් ගාල එයාව චෙක් කරල කිව්වෙ ලොකු ශොක් එකක් ආව නිසා ෆේන්ට් වෙන්න ඇති කියල..

අනික යශිර ඇඩුවෙම නැති තරම්..අයිය ඒත් කල්පනා කරා මේ කොල්ල කොහොම දුක හිර කරන් ඉන්නවද කියල මොකද එයාටත් එයාගෙ ඇඩුම පාලනේ කරගන්න පුලුවන් කමක් තිබ්බෙ නැති නිසා...

අයිය ගිහිල්ල යශිර ඉදපු රූම් එක හොයාගෙන යද්දි එයා දැක්කෙ සුදු පාට ඇතිරිලි දාල තිබ්බ ඇදල් උඩ ඇස් දෙක පියන් නිදන් ඉන්න යශිරව.. එයාගෙ ඇස් යට කලු පාට වෙලා තිබ්බ අනික මූනත් ටිකක් ඉදිමිලා තිබ්බ කියල අයියගෙ හිත කිව්ව.. යශිරගෙ ඇදේ එක පැත්තක සේලයින් බෝතලයක් එල්ලල තිබ්බ ..
යශිරට එහෙමම ඉන්න දීපු අයිය ඊලගට හැරුනෙ ඩොක්ට කෙනෙක්ව හොයාගන්න...
යශිරව හොස්පිටල් එක්ක ආපු යශිරගෙ ඉස්කෝලේ යාලුවො දෙන්නගෙන් එක්කෙනෙක් අයිය එද්දිම යන්න ගියා අනික් එක්කෙනා නම් තවම අයිය එක්ක ඉන්නව.. ඉතින් දෙන්නම දොස්තර කෙනෙක්ව හොයන් ගියෙ යශිරගෙ තත්වය දැනගන්න...

ඒ ෆ්ලෝ එකේ ඉදපු නර්ස් කෙනෙක්ගෙන් විස්තර අහගෙන අයියයි යශිරගෙ යාලුවයි යශිරව බලපු ඩොක්ටව මීට් වෙන්න ගියා...

" එක්ස්කියුස් මී ඩොක්ට..."

"ආ එන්න ..මේ කවුද..."

"ඩොක්ට මන් එක්ක ආව ෆේන්ට් උන පේශන්.. මේ එයාගෙ අයිය..."

යශිරගෙ යාලුව කියද්දි ඩොක්ට හිනා වෙලා කතා කරන්න ගත්තා...
"ආහ්.. ඔයාද...අයියා.."

"ඩොක්ට මල්ලිට කොහොමද..."

"ම්ම්ම්..ඔයාගෙ මල්ලි ලොකු ප්‍රෙශර් එකකින් නේද ඉන්නෙ මිස්ට..."

" මම හරිදු....ඔව් ඩොක්ට අපේ අම්මයි තාත්තයි නංගියි තුන් දෙනාම ඇක්සිඩන්ට් එකකින් නැතු උනා.. අද තමා අවසන් කටයිතු තිබ්බෙ..."

හරිදු කියද්දු ඩොක්ටගෙ මූන ටිකක් වෙනස් වෙනව හරිදුට පෙනුනා.....

ආයිමත් දවසක .Where stories live. Discover now