● . එහෙනම් කිව්වෙ අවුරුදු පන්දාහකට කලින් කියලා...?

ඒක මෙහෙමයි තර්කෙ.. අපි දැන් ඉන්න පෘථිවිය මහා පිපිරුම්වාදෙයි වෙන්න තියන සේරමයිත් වෙලා හැදිලා, අවුරුදු පන්දාහක් ගෙවිලා ගියාට පස්සෙ තමයි ලාන් චාන්ලා ඉන්න ග්‍රහලෝකෙ පිපිරුම් වාද වෙලා ඉපදුනේ..ඒ කියන්නෙ පෘථිවියට වඩා බාල චූටි බේබී ග්‍රහයෙක්....

අපේ ලෝකෙ ගැන හිතන්නකො..අපේ පෘථිවියෙත් ලාන් චාන්ලා වගේ ළාමාවරු (ධ්‍යානවේදීන්) ඇත්තටම හිටියා කියලා සඳහන් වෙනෝනෙ..මේ වෙද්දි එයාලා නැතත් කාලාන්තරයක් එයාලාත් නිකාය ගොඩ නගාගෙන චීනෙ ජීවත් වෙලා තියනවා..

ලාන් චාන්ලාගෙ ග්‍රහලෝකෙ අපේ පෘථිවියට වඩා බාලයිනෙ...මේ ගෙවන්නෙ ඒ ලෝකෙ ඔය උඩ කිව්ව ළාමාවරුන්ගෙ කාලේ..ඒ කියනනෙ අන්ටමේඩ් එකේ හිටිය අය ඒ ලෝකෙ ජීවත් වෙනවා කියලා සළකන්න.ඒ කියන්නෙ අවුරුදු පන්දාහකට කලින්. තේ‍රුන් නැත්තම් අතෑරලා දාන්නකො ඒක..

කොහොම හරි ලාන් චාන්, වෙයි යිං එක ලෝකෙකත්... ඒකට සමාන්තර ලෝකය වන පෘථිවියෙ වැන්ග් යිබෝ, ශියාඕ චාන් ජීවත් වුනා.හරිනෙ.😐

දැන් ආත්ම මාරුව ගැන විද්‍යාත්මකව පහදන්නයි යන්නෙ..

අහ්ම්...🤭

එදා ඒ ග්‍රහලෝක දෙක අවුරුදු ගාණකට පස්සෙ ඒක රේඛීයව පිහිටියා.එහෙම තියන එක තත්පරේකදි ඒ ග්‍රහලෝක දෙක හරහා සමාන දුරකදි කැපෙන තැන එහෙමත් නැත්තම් අභිලම්බයේ මධ්‍ය ලක්ෂය හරහා අභ්‍යාවකාශ වස්තුවක් ගමන් කලා.

ඒ අභ්‍යාවකාශ වස්තුව සතුව තිබුන සංඛ්‍යාතය සමග තිබුන අනුරූපකම නිසා පෘථිවියේ වගේම සමාන්තර සමාන ග්‍රහලෝකයේ කම්පනයක් ඇති වෙලා කෘත සංඛ්‍යාතයෙන් අනුනාද වුනා.එතෙන්දි පොළව හෙළවෙනවා දැනුන් නෑ මොකද මේවා ස්කන්ධමය වශයෙන් සාපේක්ෂව විශාල වස්තූන්.ඉතිං ඩ්‍රිබ්‍රෝග්ලි වගේ අය කියානාකාරයට තරංගමය ස්වභාවය වස්තුවේ ස්කන්ධය වැඩි වීමත් එක්ක නැති වෙනවා.ගණනයකින් පෙන්නන්නත් පුළුවන්.ඒවා ඕනි නෑ.

ආන්න එතනදි තත්පර ගාණකට ලෝක දෙකේම සෙවණැලි අභ්‍යාවකාශ වස්තුව මත එකිනෙක මත ඉතාම සුළු ක්ෂේත්‍රඵලයක අධිස්ථාපනය වුනා..අන්න ඒ ක්ෂේත්‍රඵලය චීනයේ ගූසු කන්දේ යිබෝ ඉන්න ලක්ෂයට සමපාත වුනා.අනිත් ලෝකෙ නම් ලාන් චාන් හිටිය ගූසු කන්දෙ ලක්ෂයට.(චන්ද්‍රග්‍රහණ,සූර්යග්‍රහන වෙන්නෙ.අන්න ඒ වගේ කියලා හිතා ගන්නකො..)

🌟 The Shooting Star 🌟 [ Completed ]Donde viven las historias. Descúbrelo ahora