"හහ්....මාස්ටර් චිරෙන්..මං තමුන්ට ගොඩක් ගෞරව කලා..ඒත් ඔයාමයි සීමාව පැන්නෙ....දැන් ඒකට වන්දි ගෙවනන් වෙයි..ඇයි එයාට ඒ වගේ දෙයක් කලේ...?කියනවා ඇයි ඒ..? "

මගෙ අත් වලට ටයිගර් මුද්‍රාව ඇවිත් ඒක මගෙ අත්ල මත භ්‍රමණය වෙන්න ගත්තා..මගෙ සිරුරින් පිට වන ඒ කළු දුමාරය මගෙ වෙෙරි අදහස් පිටතට මුදා හැරියා...

මං තාමත් උකුල මත නිහඬව නිසලව පණක් රහිත දේහයක් වගේ ඉන්න බෝව හෙමින් මල් පෙත්තක් තියනවා වගේ හිම උඩ තියන්න යද්දි යුආන් මං ළඟට දුවන් ආවා..

"එපා වෙයි මාස්ටර්..මේක දැන් නවත්තන්නකෝ...කරුණාකරලා....."

එයා මගෙ අතේ එල්ලිලා අඬන ගමන් ලාන් චාන් දිහා බැලුවා..ඊළඟට හිම උඩ හිටිය මගෙ මල් පෙත්තව එයාගෙ අත් වලට වාරු කර ගත්තතෙ බිම දණගසාගෙන...

මමයි හැමදේටම වැරදි...අපිට සතුටින් ඉන්න තිබුනා..ඔව්..සතුට!

ඒක තිබුනෙ ළඟමයි.මමයි ඒක ඈත් කර ගත්තෙ...

"දැන් මේකෙ අවසානයක් තිබිය යුතුයි යුආන්..දඬුවමක් තිබිය යුතුමයි වරදකට...!"

මං හිනා වුනා...මගෙ වෙෙරි හිනාව ඉතාමත් නිහඬ ගූසු කඳු වළල්ලෙහි වැදී දොංකාර දී පැතිරූණා..ඒ බියකරු සිනහවට ලාන් සිසුන් එකිනෙකාට තුරුළු වී ගැහෙද්දි මාස්ටර් චිරෙන් පවා ගැස්සී අතෙහි වු විනය කසය අත හැරුණා...

මං හිම මතින් නැගී සිටියෙ ඒ මවා ගත් සිනහවෙන්මයි.මගෙ ඇස් වලින් නොනවත්වා කඳුළු ගලද්දි කළු පැහැ දුමාරය තව තවත් පැතිරි පරිසරයම කුණාටුවක් ඒමට මෙන් කළු පැහැයෙන් වැසී ගියා....මං පියවරක් ඉදිරියට තිබියදී තව තවත් එය තීව්‍ර වුනා.

පැතිරෙන චණ්ඩ මාරුතයක් සමග අකුණක් කළු පැහැ අහසේ ඇඳී ගියේ මෙතෙක් නොනවත්වා පතනය වූ හිම පවා නවතමින්...මං තවත් පියවරක් චිරෙන් වෙතට ලං වූයේ තාමත් අතෙහි කර කැවෙන මුද්‍රාව දෙස බලමින්.

ඒ එක්කම මගෙ පසු පසින් ආ අතක් උරහිස් උඩ නතර වූයේ ශක්තිමත් ග්‍රහණයකින් මාව නවත්තමින්...මං හැරී බලන්නවත් කළබල නොවුනත් එයා නැවතුනු මං ඉස්සරහට ඇවා...

🌟 The Shooting Star 🌟 [ Completed ]Место, где живут истории. Откройте их для себя