විසි හයවන කොටස

315 58 5
                                    

ශාන්ට හදිස්සියේ වොශ් රූම් යන්න ඕනා වෙලා කොල්ලා දිව්වේ වොශ් රූම් එකට.. ශාන් ඇතුලේ ඉන්නැද්දී ශාන්ට දෙදෙනෙක්ගේ කතා බහක් ඇහෙන්න ගත්තා..

🟫එතකොට ඔයා කියන්නේ.. මේක විහිළුවක් කියලද.. ඔයාට මේ ඔක්කොම විහිළුවක්ද.. ඔයා මැරි කරනවද..

🟦 මන් මොනවා කරන්නද නින්ග්.. පපා මාව ඊළග ඉලෙක්ෂන් එකට දානවා.. එයා කියනවා මේ මැරේජ් එකට කැමති වෙන්න කියලා.. මට සමාවෙන්න නින්ග් මන් යනවා..

🟫 අනේ ඔහොම ඉන්නකෝ.. ඔහොම දාලා යන්න නම් ඇයි මට මෙච්චර ආදරේ කරේ.. ඔයා නපුරුයි ජියෑන් ඔයා ගොඩාක් නපුරුයී..

ජියෑන් වොශ් රූම් එකෙනුත් එළියට ගිහින් ඒත් නින්ග් පොඩි එකෙක් වගේ බිම වාඩිවෙලා අඩන්න ගත්තා..

ශාන් එළියට ආවේ මේ වෙලාවේ..

🐰නින්ග්..

🟫අම්ම්... ශාන්..

🐰ඔයාට ප්‍රශ්නයක්ද නින්ග්..

🟫නෑ නෑ.. අවුලක් නෑ.. මන් යන්නම්.. ඒත් ඔයාට මොනවා හරි ඇහුනද..

🐰ඔව්.. පොඩ්ඩක් ඉන්න.. මූණ පිහදගමු නේද.. ඔයා ගොඩාක් අඩලා නින්ග්.. අනේ අඩන්න එපා.. සේරම හොදින් වෙයි..

🟫මන් එයාට ආදරෙයි..

🐰දන්නවා.. අපි දැක්කා එදා ඔයාලා කිස් කරනවා.. ඒත් බය වෙන්න එපා.. කාටවත් කියන්නෙ නෑ..

🟫තෑන්ක්ස්.. මන් යන්නම් ශාන්..

🐰පරිස්සමෙන්.. සේරම හරියයි හොදද.. කලබල වෙන්න එපා.. ම්ම්.. හොද ළමයනේ..

🟫ම්ම්ම්ම්...

ශාන්ට නින්ග් ගැන ලොකු දුකක් දැනුනා.. ආදරේ කරලා එහෙම දාලා යද්දි කොච්චර නම් දුක හිතෙනවද.. ශාන්ට නම් ඒක හිතා ගන්නවත් බෑ..

ශාන් එළියට ගිහින් යීබෝව හොයන් ගියා.. කොල්ලට බය හිතුනා දවසක යීබෝත් ගියොත් කියලා.. ඒක වෙන දෙයක් නොවුනත් කොල්ලා බය උනා..

යීබෝ කට්ටිය එක්ක හිනා වෙවී ඉන්නවා දැක්ක ශාන් දුවන් ගිහින් යීබෝට තුරුල් උනා..

🦁චූටි බබා.. ඇයි මැණික මේ අඩනවද..

🐰ම්ම්ම්හුක්..

❄ нαρργ τωιиѕ  ❄                           ✓ 🆈🅸🆉🅷🅰🅽 ✓Waar verhalen tot leven komen. Ontdek het nu