දෙවන කොටස..

581 103 111
                                    

" අපෝ මන් ආසම නෑ.. මේ බස් වල යන ගමන් වලට... මොනා කරන්නද ඉතින් අද වෙන යන්න වෙන එකක් සෙට් උනේත් නෑ... ඒත් ඉතින් සෙනග බලාන්කෝ.. වෙනදට මෙච්චර සෙනග ඉන්නවදැයි බස් වල.. හෑ යකූ වෙනදට මන් බස් එකේ ගියාදැයි.. පික්සුනේ මටත් බලන් ගියාම.. අපෝ අද නම් එපාම කරපු දවසක් අප්පා..."

යීබෝ මේ උදේ පාන්දර ගුඩුක් මද්‍යස්ථානයට යන ගමන් හිතින් අඩ අඩ යන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝ මේ උදේ පාන්දර ගුඩුක් මද්‍යස්ථානයට යන ගමන් හිතින් අඩ අඩ යන්නේ.. පොරට අවුල බස් එකේ කට කපලා සෙනග.. ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ.. එහෙමයි කියලා ඉතින් ඇගිලි ගහන්න යන්න ඕනත් නෑනේ නෙහ් කොහේටවත්...

ඒ අස්සේ හිටන් ඉන්න සේරම එන්නෙත් ඇගට.. හතර අතෙන්ම කට්ටිය කොල්ලට ජැක් ගහන්.. ඔක්කොටම වඩා කොල්ලට දිරවන්නෙම නැත්තේ එහා පැත්තෙන් කෙල්ලෙක් ඇවිත් කොල්ලට ඇලවිලා ඉන්න එක.. බ්‍රේක් ගැහුවත් කෙල්ල නෙවෙයි ගැලවෙන්න.. කොල්ලටම ඇලිලා... දැන් නම් ඉතින් යීබෝට ඉවසන්නම බෑ මේක...

යීබෝ ඉන්න තැනින් අමාරුවෙන් ඇබරිලා පැද්දිලා ඉන්න උන්වත් පෙරලලා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් හිට ගත්තේ කොල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්න තැනකින්...කොල්ලා කොහොමහරි අර ඇලවෙන සක්කරවට්ටමගෙන් බේරුනා... ඔන්න ඉතින් යීබෝ ඇවිත් හිට ගත්තා විතරයි ඩයිවර් කාරයා ඉස්සරහින් එක පාරට පැන්න කොට්ටෝරුවෙ නිසා ගැහුවා බ්‍රේක් පාරක්... ඒ ගැහිල්ලේ තරමටම යීබෝ ලග පැද්දි පැද්දි උන්න කොල්ලා කොළ කැද බීලා වගේ ඉස්සරහට විසික් වෙලා වැටෙන්න ගියා...

යීබෝ පටස් ගාලා කොල්ලව අල්ල ගත්තේ නැත්තම් කොල්ලා ගෙම්බා පොලවෙ ගහලා වගේ වැටිලා ඉස්සරහා ඉන්න ඇන්ටිගේ සායත් බිමට ගලවන් වැටෙන නිසා... යීබෝට පින් සිද්ද වෙන්න ඒ කොල්ලා බස් එක සිප ගන්න සීන් එකෙන් වගේම අර ඇන්ටිගෙ සායත් බේරුනා... නැත්තම් සායම යන්නේ වැටෙන්න ගිය කොල්ලගෙනේ.. ඉතින් යීබෝ මනුස්සකමට කොල්ලව අල්ලගත්තා...

❄ нαρργ τωιиѕ  ❄                           ✓ 🆈🅸🆉🅷🅰🅽 ✓Where stories live. Discover now