🎀 CHAPTER 34 🎀

590 126 110
                                    

මට උණ හැදුනා සොරි පරක්කු උනාට... තාම හොඳ නෑ අමාරුයි අද දවසෙම ටික ටික ටයිප් කරා ඔයාලා බලන් ඉන්න නිසා හෙට ටිකක් හොඳ උනොත් අනිත් කතාව දෙන්නම් 🥺

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

පෙර කොටසින් 👇
ඔහොම ටික කාලයක් යනකොට අම්මා හදිස්සියේ අසනීප වුනා කියන ආරංචියත් එක්ක දෙන්නට චීනෙට යන්න වුනා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

"අම්මා..... ඔයා වාඩිවෙලා ඉන්නකෝ.... මං කරන්නම්...."

අම්මා: අනේ පුතේ.... එහෙම හරි නෑනෙ

ජාන් අම්මව අල්ලගෙන ගිහින් පුටුවෙන් ඉන්දවලා

"එහෙම හරි නැතිවෙන්නෑ මං කරන්නම් ඔයා ඔහොම ඉන්න තේරුනාද"

අම්මා සද්ද නැතුව ජාන් උයන දිහා බලන් ඉන්නවා. ඔය අතරෙ බෝ නිදිමරගාතෙම kitchen එකට එනගමන්

"අපෝ.... මේ අම්මගෙයි පුතාගෙයි සද්දෙ මට නිදාගන්නවත් නෑ....."

ජාන් බෝට රවලා

"හහ් මරු පුතා...."

ඒ එක්කම බෝ ජාන්ට කට උල් කරලා කිස් එකක් යැව්වා. ජාන් ලැජ්ජාවට ටක්ගාලා අනිත් පැත්තට හැරුනෙ අම්මා ඉන්න නිසා බෝ අම්මා දිහා බලලා

"අම්මා බෙහෙත් බිව්වද"

අම්මා: ඔව් පුතේ සුදු පුතා උදේම මගේ කෑම හදලා දුන්නා මං කාලා බෙහෙත් බිව්වා ඉතින්

බෝගෙ හිත පිරිලා ගියේ බනි තමන්ගෙම අම්මට වගේ එයාගෙ අම්මට සලකන නිසා...

අම්මා: ඉන්න මං කිරි එක හදන්න

"එපා අම්මා ඉන්න මං හදලා දෙන්නම්"

ඒ එක්කම බෝ

"අන්න ඒවා හොඳ වැඩ"

ජාන් එලවලු කපන එක න නවත්තලා බෝට රවලා

"මං හදලා දෙයි හදාගෙන බොන එකයි ඇත්තෙ..."

"යා......"

අම්මා: හා හා දැන් රණ්ඩු ඕන්නෑ මං හදලා දෙන්නම්

"එපා අම්මා ඉන්න මං හදාගන්නන්"

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Opowieści tętniące życiem. Odkryj je teraz