04... සෙලවෙන ගස් ....🌳

Start from the beginning
                                    

බින් සිනාසෙමින් කීවේය.....බින් කියන කතාවේ ඇත්තක් තිබුනත් එදා දෙදෙනාම නගරයට ගොස් සිටි අවස්ථාවේ යීබෝ ඔහු අසළ දැවටෙමින් කැෂියර් එකට වී බඩු බිල් දමමින් සිටි ඒ පැය කිහිපයට සීන් අදටත් ආදරය කරන්නේ ය....

" ඒ උනාට මුන්ට මොනවත් කරන්න නැති උනාම තමා අලුගුත්තේරු වැඩ කරන්නේ...දෙන්න මාරුවෙන් මාරුවට කඩේ වැඩට ආපුහාම දෙන්නට එකතු වෙලා නසරානි වැඩ කරන්න විදිහක් නෑනේ.....".

සීන් නිදහසට කාරනා කීවේය...කෙසේ හෝ පැය දෙකකට පමණ පසු දෙදෙනා යළිත් ග්‍රොසරියට ආවේය ... යනකොට තිබුණු තෙහෙට්ටු මුහුණ නොව දෙදෙනාගේ මුහුණු වල තිබුනේ අමුතු සිනහවකි...

" සෙලවෙන තේ ගස්...."

යුවාන් කීවේය .... යීබෝ එයටත් සිනාසෙමින් නිවස තුලට ගියේය ...

" ඒ මොකක්ද සීන් අයියා ..."

බින් ඇසුවේය ...

" මගෙන් අහන්න ගිහින් අහපංකෝ අර ගේ ඇතුලේ ඉන්නේ...."

සීන් ගණනකට නොගෙන කීවේය ...තවත් විනාඩි කිහිපයකදී යීබෝ තේ කෝප්ප දෙකක් රැගෙන යළිත් කඩය තුලට ආවේය ...කෙසේ හෝ දිනය ගතවී තිබුණි ...මේ ගෙවෙන්නේ සන්ධ්‍යා කාලයයි ....සවස 5ත් පසුවී ඇති නිසාත් වැහි අන්ධකාරය ආකාශය වසාගෙන තිබුණු නිසාත් සීන් බින්ට කඩය අස් කරන්නට පටන් ගන්නට කීවේය ...

" හය වෙනකොට වහමු බිනා .... එන්න හදන්නේ පොඩි වැස්සක් නෙමේ ....."

වැහි වලාකුළු වලාකුළු තද දම් පැහැයෙන් දිස්වෙන අතර තද සුළඟක් ද අවටින් හමා එන්නට පටන් ගත්තේය..... යුවාන් නිවස තුළ රාත්‍රී ආහාරය පිළියෙල කරන නිසා යීබෝ බින්ට සහාය දක්වමින් සිටියේය ....

" සීන් මල්ලි ....."

වැහි කෝඩයේම සීන්ගේ තේ වත්ත නිවසක සිටින මිනිසකු කඩයට ඇතුලුවිය ....යීබෝ බින් සමඟ ග්‍රොසරිය ඉදිරිපිට අස්කරන අතර ඔහු කැෂියර් එක අසලට ආවේ යීබෝ දෙස කිහිපවතාවක්ම බලමිනි.....

" කියන්න අයියා ...."

සීන් සිතුවේ ඔහු අත මාරුවට කීයක් හෝ ඉල්ලා ගැනීමට අවශ්‍ය නිසාවෙන් කැෂියර් අසලටම එනවා යැයි කියාය ..

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now