15 - නුඹේ ප්‍රේමය

Start from the beginning
                                    

" අහ්ම්බෝ........මගේ පපුව... තව ටිකෙන් හුස්මත් හිර වෙනවා.. මේ කොල්ලා මගේ ඉවසීම පරීක්ෂා කරනවද මංදා.. මාත් මනුස්සයෙක් රන් බබා..!"

මම මගේ පපුව අතගාගන්න ගත්තේ නැඟිටින්න හදන කොටි පැටියවත් නිදි කරවන්න ඕනි නිසයි...
මම එයා එනකන් උදේ හදාගෙන ගිය කෑම ටික රත් කරන්න පටන් ගත්තා...
මගේ රන් බබා ටවල් එකත් ඉනේ බැඳගෙන මං ලගට ආවේ ඔලුවේ තෙත බේරි බේරි... මේ කොල්ලා කවදාවත් කියන දෙයක් අහන්නෙම නෑ...

" ඔය බලන්න ඉතින්...හැමදාම එපා කියනවා... බලනවා කොණ්ඩෙ තෙත... එහෙන් කොණ්ඩෙත් වවාගෙන.. කපන්න දෙන්නෙත් නෑ... "

කහ පාට හමට තද කළු පාටට උරහිස ගානට වැටෙන කොණ්ඩේ මගේ රන් බබාව තවත් ලස්සන කලා... ඒ ලස්සනට මම ලෝබ කලත් එයා නාලා තෙත පිටින් ඉන්න එකටනම් මට පුදුම තරහක් ආවා..

" බබා උඹ ඔය කොණ්ඩේ වේලගන්නේ නැත්නම් ඇත්තමයි මම කපලා දානවා බන්... උඹට මම ආයේ කියන්නෑ..."

මම ෆුල් සීරියස් මූඩ් එකකින් කිව්වම කොල්ලා පොඩි ටවල් එකත් අරන් කුස්සියේ මට පේන්නම ඇවිත් වාඩි වෙලා ඔලුව පිහිදාන්න ගත්තා... ඒත් ඉතින් ඒක පිහිදනවට වඩා අත ගෑමක් නිසා මම පරිප්පු හොද්දත් බාලා දරනුවෙන් තියලා  අත් දෙකත් හෝදගෙන මැණික ලගට ගියා... කොල්ලා මට හොර බැල්මක් දානවා..මං දන්නවනේ මට කියලා පිහිදගන්න තමයි ඔහොම බොරුව දාන්නේ කියලා...
මම ටවල් එක උදුරගත්තම රන් බබා හිමීට මගේ බඩට ඔලුව හේත්තු කරගත්තා....

" හොරා.....මට කියලා පිහිදගන්න නේද ඔහොම බාගෙට වැඩ කරන්නේ...???"

" ම්ම්ම්හුම්..."

එයා හුරතල් විදියට කටත් උල් කරලා ඔලුව දෙපැත්තට වැනුවා..

ඒ හුරතලේට ලෝබ වුනු මං හිමීට පාත් වෙලා අභීග්😍 නලලට කිස් එකක් දුන්නා....දීලා ඉවර කරන්න හම්බුනේ නෑ මේක තවත් මගේ ඔලුවෙන් අල්ලලා මාව පාත් කරගෙන මගේ ලිප්ස් අල්ල ගත්තා....
සිනිදු මල් පෙත්තක් මගේ දෙතොල් අතරේ ඒ මේ අත යන තරමටම සැනසුම් දායක පහසක් මගේ දෙතොල් අතරට ලැබෙද්දී මමත් රන් බාබාගේ මෘදු හාදුවට වශී උනා....
වටේ පිටේ වෙන කිසිම දෙයක් අපි දෙන්නට නිනව්වවක් නොවෙද්දී අපි අපේ පහස අතරේ අතරමං උනා...
.
.
.
.
.
.
.
.
.

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now