ආයිමත් දවසක...01

Start from the beginning
                                    

එහෙම කියල අනූශිට ආයි කතා කරන්නත් වෙලාව  ලැබෙන්න  කලින් යශිර ලයින් එක කට් කරල දාල රැහැයියන්ගෙ සද්දෙන් පිරිල ගිහිල්ල තියන රෑ කලුවර නිසා අරමුනක් නැතුව බලන් ඉන්න ගත්තා...

...............................................................

කලබල කාරි කොලබට වඩා.. හැම වෙලාවකම නැවැත්මක් නැතුව සද්දෙ වෙන නලා හඩින් පිරුනු නුගේගොඩට වඩා දැන් යශිර මේ දහවල රස්නයෙන් පිරුනු රෑ වෙද්දි හීතලෙන් පිරෙන අනුරාධපුරයට ආදරේ කරන්න පටන් අරන් කියල යශිරගෙ හිත කිව්වෙ ෆෝන් එක කලිසමේ සාක්කුවට දාගෙන ගෙදර ඉස්සරහ තියන සිමෙන්ති බැම්ම උඩ වාඩි වෙන  ගමන්. නොවැම්බර් මාසෙ නිසා ටික ටික රෑ වෙද්දි දැන් සීතල වැඩි වෙනව කියල යශිරට දැනුන...
පෙබරවාරි වෙද්දි මේ හීතල මීටත් වඩා වැඩිවෙයි කියල යශිර හිතෙන් එයාටම කියාගන්න ගමන් තවත් ලොකු හුස්මක් හෙලල අත් දෙක පිටිපස්සට තියාගෙන ඒ දිහාට බර වෙන ගමන් මිදුලෙ තියන දිවුල් ගහේ අතු පතර තියෙන හිඩසෙන් පේන රෑ අහස දිහා බලන්න ගත්තා...

...............................................................

" සුදු දූ..."

"මන් එලියෙ අම්මා..."

"ඔයා මල්ලිට කෝල් කරාද..."

"ඔව් අම්ම මේ කට් කරා විතරයි කෝල් එක.."

"ම්ම්...මොකද කියන්නෙ මිනිහ..."

"මොකුත් විශේෂයක් නෑ අම්ම්ම..ඒත් දැන්ම එන්න වෙන එකක් නෑ කියල කිව්වෙ නිවාඩු නෑ කියල..."

අනූශි බොරුවක් කියන ගමන් අම්මගෙ ලගට යද්දි   අනූශිගෙ අම්ම යාන්තම් හිනා උනේ ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ කියල බැල්මකින්...

" එයාට කැමති දවසක එයාට ඕනි කියල හිතුන දවසක එයා ගෙදර එයි පුතේ.. අනික එයා කොල්ලෙක්නෙ.. කොල්ලො ඔහොම තමා..."

"අම්ම තමා මල්ලිව හුරතල් කරන්නෙ..."

"මන් කරන හුරතලයක් නෑ දරුවො අම්මා උන පලියට ඒ ලමයට වද දිදී ගෙදර එන්න කියන්න මට බෑනෙ..මන් ඔයාල ඉපදුන දවසෙ ඉදල උගන්නල ලොකු මහත් කරේ ගෙදර හිර කරන් ඉන්න නෙවෙයි .. "

"ඒත් අම්ම.. ඔයාට එයා නැතුව පාලු නැද්ද..."

"පාලුයි තමයි  දරුවො ඒත් මක් කරන්නද අපිට හැමදාම එකම විදිහට ඉන්න බෑනෙ...අනික ඔයත් මල්ලි පස්සෙ  එල්ලි එල්ලි දගලන්නෙ නැතුව තමන්ගෙ මහත්තය ගැන හොයල බැලුවනම් හොද නැද්ද...."

ආයිමත් දවසක .Where stories live. Discover now