13 - බුලත් හෙප්පුව

Start from the beginning
                                    

මගේම වචනවලට මගේ පපුව වේදනාවෙන් මිරිකෙද්දී මම වේදනාව උහුලගන්න බැරුව ඇද පල්ලෙන් වාඩි උනා...
තවත් මට මේ වේදනාව දරාගන්න බැරි තැන මම ඇදේ කොට්ටේ අත් දෙකට අරන් ඒකට පාරවල් 10 ක් විතර ගහගෙන ගහගෙන ගිහින් මම ඒ කොට්ටේ කෙලවරවල් දෙකෙන් අල්ලන් ඒක දෙකට ඉරලා දැම්මා....
ඒ වෙලාවේ මට මතක් උනේ සුද්දායියගෙයි චුට්ටිගෙයි මූනු..
කොට්ටේ තිබ්බ කපු පුළුන් සේරම කාමරේ ඇද පුරාම විසිරිලා යද්දී පුළුන් රොඩු කීපයක් මගේ කඳුලු බේරුණු කම්මුල්වල පැටලුනා...

" මගේ දෙයියනේ.........හිරූ............!!!!!!!!!"

දොරෙන් ඇහුණු චිරි හඩට පස්සේ මට ඇහුනේ අභීගේ කටහඩ...
ඒත් දැන් මගේ හිතේ වේදනාව සුවපත් කරන්න එයාගේ කටහඩ විතරක් මදි වුනා..
මට දැනුනා එයා මං දිහා බලාගෙන ඉන්නවා...
මම ඒත් එයා දිහා බැලුවේ නෑ....

" හිරූ.......ඔය ඔයාගේ කේන්තිය පාලනය කරගන්න පුරුදු වෙන්න හොදද...?? බලන්න කාමරේ හැටි... අම්මා හරි අප්පච්චි හරි දැක්කනම්...???"

." දැකපු දෙන්... පස්සේ මට ගහලා පන්නපු දෙන්.... මම පාරේ බුදියනවා... "

" හිරුජ........!!!!"

දැන් දැන් අපි නම්වලින් කෑ ගහගන්න පුරුදු වෙලානේ කියලා මගේ ඔලුවට එක පාරටම ආවා.. මම ඇද උඩ තිබ්බ පුළුන් ඔක්කොම ඇදෙන් බිමට පිහිදලා ඇදට නැගලා ගුලිවුනා.......
ඒත් එක්කම මට දොර ලොක් වෙනවා ඇහුනා...
ආපහු ටිකකින් මගේ ඇදේ අනිත් පැත්ත බර වෙලා මගේ උරහිස වටේ අභීගේ බේබි සබන් සුවඳ දැවටුනා...
ඒත් මම මගේ දැඩිකමට ඇස් ඇරියෙම නෑ...
ඊලඟට මගේ හිත පුරාම උණුසුම සතුට ආදරය දැවටෙමින් ඒ උණුසුම් සුවඳවත් පපුව මැද්දේ මගේ හිස තදවුනා...

" මගේ මෝඩ හිතුවක්කාරයා..........!"

ඒ නමට මට හීනියට තරහක් ආවත් මම එයාගේ පපුව උඩනේ.. චූටි සතුටක් එකතුවෙලා හිත පුරා දළු දැම්මා...

" මම උඹට ආදරෙයි කියලා උඹට තේරෙන්නේ නැද්ද බන් හිරූ.......එක පාරක් වරදක් උනා කියලා උඹ ඔය තරම් හිතුවක්කාර විදියට මගෙන් පලි ගන්නවද බන්..??

මම උඹට චුට්ටි එක්ක යාළුවෙන්න කිව්වේ මට තප්පරයකට අහන්න හිතුනා උඹේ කටින් හදවතට දැනෙන මිහිරි වචන ටිකක්.. ඒත් මම දැනුයි බන් දන්නේ උඹේ මේ බය හිතෙන තරම් කේන්තිය අස්සේ තියෙන්නේ මහ ගොඩක් ආදරේ කියලා...
මේ උඹ ආදරේ කරන ආදරේ කියන විදිය කියලා මට තේරුම් ගන්න වෙලා ගියා බන්...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now