10 - අමුතු හැසිරීම

Start from the beginning
                                    

" උඹ යාලුවෙක් එක්කගෙන ආවේ මොකෝ කවදාවත් නැතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" උඹ යාලුවෙක් එක්කගෙන ආවේ මොකෝ කවදාවත් නැතුව..??"

අප්පච්චිගේ ප්‍රශ්නයට මාව ගැස්සුනත් මම සාමාන්‍ය වෙන්න උත්සහ කලා...

"එක්සෑම් ලගයිනේ අප්පච්චි මමයි එයයි එකට පාඩම් කරන්නේ.. එතකොට ලේසී.. ඉතින් මේ සතියත් අපි නිකන් කාලය කන්න ඕනි නෑනේ.. ඉතින් මම අභී එක්ක ආවා. අනික ගමේ පරිසරය හිතටත් නිදහසක් ගේනවා.. කොළඹ ක්‍රොන්ක්‍රීට් වනාන්තරයේ කාමරයක් අස්සේ පාඩම් කරනවට වඩා මෙහෙ කොච්චර හොඳයි ද...??"

මම අප්පච්චි ඉස්සරහා හොඳම තුරුම්පු ඇද්දේ අප්පච්චිගේ හිත ගැන දන්න නිසයි...
මගේ කතාවට අප්පච්චිගේ මූන එළිය වැටුනා කියලා මම දැක්කා...

" ඒක නම් ඇත්ත තමා බන්... මම ඉතින් උඹව කොළඹ යැව්වේ වැඩි හොඳටනේ..එහෙනම් ඒ දරුවා එක්ක මේ සතියේ පාඩම් කරපන්.. කොල්ල එක්කගෙන ගමෙත් පොඩ්ඩක් ඇවිදලා එහෙම වරෙන්... අම්මා අන්න රසට කෑම හදලා ඇති උඹ ආසම කෑමත් එක්ක... අර දරුවා එක්ක නාලා කරලා ඇවිල්ලා කාපන්කෝ එහෙනම්.. මම යනවා අපේ පොලීසියේ ඕඅයිසී මහත්තයාලගේ ගෙදර.. මොකද්දෝ ගමේ ප්‍රශ්නයක්ලු.. දැන් ඉන්න ග්‍රාමනිලධාරී මහත්තයා අවුරුදු 26 ක කොල්ලෙක්... එයාට බෑ මේවා එක්ක ගනුදෙනු කරන්න.. අත්දැකීම් නෑලු..පලවෙනි පත්වීම කියන්නේ.. "

අප්පච්චි ආපහු මං දිහා බලලා ගෙට ගිහින් කුස්සියේ හිටපු අම්ම එක්ක කුටු කුටු ගානවා මට ඇහුනා.. අභී නම් ඒ වෙනකොටත් අම්මා පෙන්නපු කාමරේට ගිහින් ඇති කියලා මට හිතුනා....
පස්සේ අප්පච්චි ඇවිත් මට යනවා කියලා එලියට ගියා...
මෙච්චර වෙලා හුස්ම හිර වෙලා වගේ හිටපු මම පිම්මේ දුවගෙන ගිහින් අම්මව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now