07 - රන් බබා

Start from the beginning
                                    

*****

" රන් බබා......... පාන්දර 3.00 යි... අපි නිදාගමු... මදැයි දැන් මේ....

මම ගිහින් එයාගේ නලලෙන් හාදුවක් තියලා එයාව මගේ ඇගට බරකරගෙන එයාගේ ඇදෙන් තිබ්බා.. මොකද අපි දෙන්නට එකම ඇදක නිදාගන්නවා කියන්නේ එයාට ඉන්න වෙන්නේ බාගයක් මගේ ඇග උඩ...
ඒ නිසා සුව නින්දක් එයාට අත්‍යාවශ්‍ය නිසා මම මගේ රන් බබාව එයාගේ ඇදට දාලා මූන පුරා හාදු ගොඩක් තියලා මගේ ඇදට ගියා...
එයා නිදිමරගාතේ නිසා ඔහේ නිදාගත්තා... පහුවදා සඳුදා නිසා ඉස්කෝලේ යන එක අනිවාර්යයයි...
මොකද අපි දෙන්නම prefect ලා... ඉතින් අනිවාර්යයෙන් සඳුදා ගෙට්ටුවට අපි යන්න ඕනි... AL නිසා අපිට ස්කූල් එකේ ඩියුටි ගොඩක් නොදුන්නත් සඳදට ගේට් එක අපිට අනිවාර්යයි....

අඩ අඳුරේ එහා ඇදේ පේන මගේ රන් බබා දිහා බලාගෙනම මට එහෙමම නින්ද ගියා....

*************

පහුවදා උදේම මගේ පපුව පුරාම දැනෙන උණුසුමක් එක්ක මම ඇස් ඇරියා.. ටිකක් එහායින් මගේ Alam එක වදිනකොට මට තේරුනා වෙලාව දැන් 5.30 යි කියලා...
මගේ රන් බබා මගේ පපුව උඩට කාන්දමක් වගේ ඇදිලා ඉද්දී මට හිනාවක් ගියා...
මම හිමීට මගේ අත අරන් ඒ සිනිදු කෙස් පිරිමැදලා ඒ අතම එයාගේ පිටපුරා ඇදුමට උඩින් අරන් ගියා....
එයා තවත් මාව දෑතින්ම බදාගනිද්දී මේ උණුසුම අතාරින්න මට පුදුම ලෝබකමක් ඇති වුනේ...

" රන් බබා නැඟිටින්න වස්තූ....අපි ස්කූල් යන්න ඕනි.."

මම එයාව අතගාන එක නවත්තනේ නැතුවම හිමිට කනට මිමිනුවා...
ඇත්තටම මගේ රන් බබා මගේ පපුවේ උණුසුමට ගුලි වෙලා මගේ උනුසුම විඳිනකොට මොකද්දෝ මහා ලොකූ හැඟීමකින් මගේ පපුව බර වෙනවා.. මේ ආදරේ මගේ පපුවට හරිම බරයි.....

" රන් බබා....???"

එයා ටික ටික ඉස්සිලා මගේ බෙල්ල ලගට ඇවිත් මගේ බෙල්ල අස්සේ ඒ රෝසි ලිප්ස් තිබ්බම මගේ ඇග පුරාම අමුතු හිරියක් එක්ක අලුත්ම සතුටක් හැඟීමක් එකතු වුනා...
ඇත්තටම ආදරේ විඳිනකොට හිතකට මේ තරම් සතුටු ද..?? මම මගෙන්ම සංකීර්ණ ප්‍රශ්නයක් අහගනිද්දී මගේ රන් බබා ඇස් ඇරගෙන මගේ දිහා බලාගෙන මට උදේම රවනවා...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now