01- අභිරු

Start from the beginning
                                    

මම මගේ කල්පනාවෙන් මිඳුනේ අභීගේ ඇස් දෙකෙන් කඳුලක් බේරෙනවා දැක්ක නිසා...
මම ඉක්මනින් බිමෙන් නැගිටලා අභීගේ උරහිස් දෙකෙන් අල්ල ගත්තා...

" අභී.....???"

මට දැනුනේ අභී මගේ පපුව ඇතුලට අත දාලා හදවත මිරිකලා දැම්ම තරම් වේදනාවක්.. හේතුවක් කියන්න මම දන්නෑ අභීගේ කඳුළුවලට පුළුවන් මගේ පපුව හත්කඩකට පලන්න...
මම මගේ අභීව තුරුලු කරගත්තා...

" අනේ මැණික ඇයි බන් මේ...??"

එයා මුකුත් කියන්නෑ.. ඒත් මට දැනෙනවා මගේ අභී මගේ පපුව අස්සේ මූන ඔබාගෙන අඩනවා කියලා...
අභීව මට හම්බුනාට පස්සේ එයා අඩලා තියෙන්නේ වතාවන් දෙකක විතරයි...
එක වතාවක් ගෙදර ප්‍රශ්නයක් නිසා...එතකොට අභීයි මමයි අට වසරේ...
අන්තිමට අභී එක්ක මාත් අඩලා තමයි අභීව නලව ගත්තේ...
ආයෙම 11 වසරෙදි කොල්ලෙක් ගහලා...මම කොල්ලට ගහලා මගේ පන්ති තහනම් කරා. ඉස්කෝලෙන් අප්පච්චිව ගෙන්නුවාම අප්පච්චි අභීයි ප්‍රින්සිපලුයි ඉස්සරහම මට කනට ගැහුවා..
එදා අභී අපේ අප්පච්චිගේ කකුල ලඟ වැටිලා ඇඩුවා මට ගහන්න එපා කියලා...
එදා තරම් මම අභී අඩනවා දැකලා තිබ්බේ නෑ...
එදත් මම මගේ අභීව Washroom පැත්තට ඇදගෙන ගිහින් පපුවට තුරුළු කරගත්තා...
මට කියන්න තේරෙන්නෑ අභියි මමයි අපේ දේවල්වලදි ගොඩක් වෙනස්...
අපිට අපි නැතුවම බෑ...
මේ බැඳීමට නමක් මට අදටත් තේරුම් ගන්න බෑ...
ඒත් මම දන්නේ මෙච්චරයි මට අභීගේ හිනාව වෙනුවෙන් සතුට වෙනුවෙන් ලෝකයක් වුනත් අතාරින්න පුළුවන් කියලා විතරයි..

" හිරූ...........

" අපි වාඩි වෙමු.. බලපං හොටු කොල්ලෙක් මේ අහපන්.. ඒකි එක්ක මගේ මුකුත් නෑ.. ඒ පරට්ටි විහාන්ගෙන් නම්බර් එක ඉල්ලගෙන විහාන්ගේ කෙල්ලනේ ඒකිගේ හොඳම යාලුවා...
මම උඹට නොකියා මුකුත් කරනවද කියපන්.."

එතකොට ඒ කළු ඇස් දෙක කඳුළු අතරින් දිලිසෙනවා මම දැක්කා...
මගේ පපුව හිර වෙන එක එත්කොට හරි ගිහින් මට ඇග ඇතුලෙන් අමුතුම හැඟීමක් ආවා..
මම හිමීට අභීගේ නලලේ මගේ දෙතොල් තිබ්බා..
ඒත් එක්කම අභී මගේ ලඟින් වෙඩිල්ලක් වගේ අයින් උනේ මාවත් පුදුම කරමින්...
මමත් මං කරපු දේ නිසා ශොක් උනා... මම කවදාවත් අභීව කිස් කරලා නෑ...
මටත් හිතාගන්න බෑ ඇයි මම ඒක කලේ කියලා...
මම ඉක්මනින් අහක බලාගත්තේ මට අභීට මූන දෙන්න මොකක්ද වගේ නිසා...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now