2

246 96 31
                                    

ගායෙල් නිවසේ දොර සෙමෙන් විවර කර නිවසට ඇතුළු වූවාය. බිය හේතුවෙන් ඇගේ හද ගැහෙමින් තිබුණු අතර තමා පිළිබඳ පුවත දැනටමත් පියා දන්නා බව ඇයට විශ්වාසය. 

ඇ‍යගේ බිය තහවුරු කරමින් ඇය එනතුරු පියා නිවසේ සාලයට වී හිඳගෙන බලා සිටියේය. ගායෙල්ගේ පා හඬින් හිස ඔසවා බැලූ හේ ඇයට තමා අසලට එන ලෙස සන් කළේ ඉතා තද බැල්මක්ද සහිතවයි.

තමාගේ බෑගය පසෙකින් තැබූ ඇය පියා අසලට සෙමෙන් ගමන් කළාය. ඔහු අසලට ගිය විගසම ඇයගේ දෙදණ බිම වදින සේ ඇයට පහරක් එල්ල විණි.

ගායෙල් දෙතොල් තද කරගත්තේ තමාගේ මුවින් ශබ්දයක් පිටවීම වළක්වා ගැනීම සඳහාය. 

'මොකක්ද තමුන් ගැන අර පත්‍තරේ තිබුණු කතාව!' පියාගේ ගිගිරුම් හඬත් සමඟම ඇය දෑස් පියා ගත්තාය. 

'තමුසෙගේ අම්මා තමුසේ වගේ බැල්ලියෙක්ව වද්දිම බෙල්ල මිරිකන්නයි මට තිබුණේ. දැන් උඹටවත් මටවත් පුළුවන්ද පාරක බැහැලා යන්න! කියපන් මට!'

නිවස පුරා පැතිර තිබුණේ අන්ධකාරයයි. ඇගේ අත් මිටි ගුලි කරගෙන දණහිස් මතින් තද කරගෙන සිටියේ පියා තදින් හිසකෙස් අල්ලා ගෙන සිටි බැවින් සිරුර පුරා පැතිර යන වේදනාව වලක්වා ගැනීමටයි.

'තාත්තේ.... ඒක...' 

ඇගේ මුහුණ හරහා වේගයෙන් අතුල් පහරක් වැදිණි. 

'තමුන් තව ලැජ්ජ නැතුව කතා කරන්නත් එනවද! තමුන් වගේ ලැජ්ජ නැති වේසියක්ව මේ ගෙදර වැඩට දාලා ගිය උඹේ අම්මා පව්කාරියක්!'

ගායෙල් හිස බිමට නැඹුරු කර ගත්තේ ඇගේ වම් කොපුලද දවා ලමින් වැදුණු පහර හේතුවෙනි.

ඉන්පසුව විනාඩි පහක් පමණ යනතුරු සිදු වූ කිසිදු දෙයක් ගායෙල්ට සිහියේ රඳවා ගත නොහැකි විය. සියල්ල ඉතා වේගයෙන් සිදු විණි. ඇය අවසානයේ හිස කරකැවිල්ලෙන් පියවි සිහියට පැමිණියේ බිම ගුලි වී සිටිනා අතරය.

යන්තමින් හිස ඔසවා බිත්තියේ වූ ඔරලෝසුව දෙස බැලූ ඇය වේලාව හවස හතරහමාරට ආසන්න බව දුටුවාය. ඇගේ සහෝදරයාව පාසලෙන් රැගෙන ඒමට ඇයට ඇත්තේ තව පැය බාගයක් පමණි.

𝙷𝙰𝙻𝙲𝚈𝙾𝙽 -  𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗 | 𝙱𝙻 + 𝙶𝙻Where stories live. Discover now