😉 Mission 01 😉

5.4K 362 120
                                        


Xiao Zhan's P.O.V

සුදුම සුදු දිග ගවුමටයි කොන්ඩේට උඩින් දාලා තියෙන ක්‍රවුන් එකටයි එයා කුමාරිකාවක් වගේ.තව බිම දිගේ ඇතිල්ලෙන වේල් එක එයාගේ ලස්සන තවත් වැඩි කලා.

" ඔහ් මයි ලීමෙයි.... "
තටු තියෙන සුරංගනාවියෝ එයා එන පාර දෙපැත්තේ ලස්සනට මල් හියනකොට එයා ලතාවකට පාද තිය තිය මං ලගට ආවා.මම එයාට අත දික් කරනකොට එයා මගේ අත අල්ලගත්තා.

අපි දෙන්නා මුහුනට මුහුන ගොඩක් වෙලා බලාගෙන ඉන්නකොට හතර වටේටම රෝමැන්ටික් වයිලින් මියුසික් එකක් ප්ලේ වුනා එතකොටම අපි දෙන්නගේ ඔලුව වටේ ඩාන් ඩාන් ගාලා හාට් පිපෙන්න පටන් ගත්තා.

" My Prince Zhan....." අනේ එයාගේ කටහඬ කනට චොකලට් වක්කරනවා වගේ.

" My Princess Li mei..... "

" ඔයා තමයි මම දැකපු හැන්ඩ්සම්ම කුමාරයා ෂාන්.... ඔයා තමයි මේ ලොකේ ඉන්න ලස්සනම,බුද්ධිමතුන්ම,ධනවත්ම, කියුට්ම, ආකර්ෂණීයම, නුවණක්කාරම කොල්ලා ....."

" ඕක කියන්න දෙයක් නෙමෙයි ලී මෙයි මම දන්නවා..... ගොඩක් අය මට එහෙම කියනවා.... "

" මම මේක ඔයාට ගොඩක් කල් ඉදන් කියන්න හිටියේ... තවත් නම් මට ඉවසගෙන ඉන්න බැහැ... මම මේක ඔයාට අද කියනවමයි ෂාන් .... "

" ඔව් ඉතින්.... "

" ෂාන් මට තමුන්ගේ ලේ ටික බොන්න ඕන....... " එක පාරටම ලීමෙයිගේ සුදු ගවුම තැනින් තැන ඉරිලා ඒවායේ අස්සෙන් ලේ ගලන් වැටෙනකොට ලීමෙයිගේ කටින් පනුවෝ වැක්කෙරෙන්න ගත්තා. ඩ්‍රැකියුලාගේ දත් දෙක පේන්න හිනා වෙලා එයා මගේ පැත්තට එනකොට මම පන එපා කියලා උසෙන් බෝල්ට් ටත් වඩා වේගෙයෙන් දුවන්න ගත්තා.

" අනේ එපා...!! අනේ එපා යෝදීයේ මාව අතහැරපන් ගැනීයේ.....!! මට ඉන්න දීපන්.... මගේ ඇගේ ලේ නැහැ බොල මට සීනි යකෝ....!!මගේ පස්සෙන් එන්න එපා යක්ෂනී... !!!"

මම යටි ගිරියෙන් කෑ ගගා කෑලේ මැද්දේ දුවගෙන දුවගෙන දුවගෙන ගියා.ආයෙත් දුවගෙන දුවගෙන දුවගෙන ගියා තාමත් අර යක්ෂණි මගේ පස්සෙන් එනවා.ඒත් එක පාරටම

එක පාරටම මාව කඩාගෙන කන්දකින් පහලට වැටුනා...

" අහ්හ්හ්හ්හ්හ්....!!"

Agent Happy  ( Yizhan ff ) ✔️Cerita yang bikin terobses. Temukan sekarang