දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
නෝටී's pov...🤗එක රැයක් එළි වෙනකොට
ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා...
ලොකුවයී රෝසායි දෙන්නාම
අපි ඉස්සරහා ආදරෙන් ඉන්නවා දකිනකොට ඇල්බාටයී මටයී පුදුම සතුටක් දැනෙන්නෙ...අපි හතර දෙනා එක්ක උදෙන්ම ගියෙ පේරාදෙණිය මල් වත්තට...
අපි හතර දෙනා එක්ක
මල් වත්ත පුරාම ඇවිද්දා...ඇවිදලා ඉවර වෙලා
හතර දෙනා එක්කම තනකොළ පිට්ටනියෙ පෙරලිලා දිගාවෙලා හිටියා...
හරිම සැහැල්ලුයී...
ඇල්බා මගෙ ඔලුව උස්සලා
එයාගෙ අත දිග ඇරලා
ඒක උඩින් මගෙ ඔළුව තියාගන්න දුන්නා...මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී
මට මේ දෙන ආදරේ ගැන මට වචන වලින් විස්තර කරන්න බෑ...
ඒ ආදරේන් මගෙ මුළු පපුවම පිරිලා...************************************
අපි ඊළඟට ගියෙ අම්බුලුවාවෙ...
රෝසාට තමයී ඕන උනේ අම්බුලුවාවෙ යන්න...කන්ද නගින්න කලින් ඇල්බායි ලොකුවායී ගිහින් කන්න එක එක
දේවල් ගොඩාක් අරන් ආවා...
ඇල්බාගෙ අතේ තියෙන මල්ලෙ
Chocolate fresh milk , Chits Bits ,
Krisko මම ආසම ජාති ගොඩායී...අම්බුලුවාව කන්ද නගින එකනම්
පට්ට ෆන් වැඩක්...
හැමතැනම මිදුමෙන් වැහිලා මාරම ලස්සනයි...
ඇල්බා මාව එක එක තැන් වල එක එක විදියට තියලා photo ගන්නවා...හරෝ හරා....
ගේ බින්දා....
කවුද හොරා....""අපි හතර දෙනාම කෑ ගගහා
කිය කිය ගියා...නෝටි තමා....""
ලොකුවයි රෝසයි ඇල්බායි තුන් දෙනා එක්කම එකට කිවුවා....
මුන් තුන් දෙනා එකට එකතු වෙලා
මාව බයිට් එකට අරන්...ආයිශ්....""
මම අතට අහුවෙන පොඩි ගල් කෑලි කෝටු කෑලි විසි කර කර කෑ ගැහුවා...
උන් තුන් දෙනා මගෙන් බේරෙන්න
කෑ ගගහා දුවනවා...
පට්ට ෆන්...
මට හොදටම හති දුවාගන්න බෑ...
මම දුවන එක නවත්තලා
බිම වාඩි වෙලා
කකුල් දෙකත් දිග ඇරගෙන
බිම තප්පලන් දාගෙන හිටියා...
