Part 27 👨‍❤️‍👨

Start from the beginning
                                    

ඕන දෙයක් කියන්න මැණික කරන්නම්...
නාගෙන්නම් අඩන්න එපා....
කොහෙද රිදෙන්නෙ....
නැත්නම් බබාට බඩගිනිද?? ""

මගෙ නළලට වැටිලා තියෙන කොන්ඩෙ පිටිපස්සට තල්ලු වෙන්න අත ගාන ගමන් ඇල්බා අහනවා...

ම්හ්හු....""

මම ඇල්බාගෙ උරහිස්ස උඩින් ඔළුව තියාගෙන බෙල්ල බදා ගත්තා...

එහෙනම් නිදි මතයිද මගේ මැණිකට...
ම්ම්ම්ම්ම්.....""

මගෙ බෙල්ල එයාගෙ සීතල තොල් වලින් හිමීට ඉඹින ගමන් ඇහුවා...
මම ඇල්බාගෙ බෙල්ල අස්සසෙ සනීපෙට මූණ හංගගත්තා...

හ්ම්ම්ම්ම්...."""

ඕක තේරුම් ගන්න මෙච්චර වෙලා ගියානෙ ඉතින්...
මම ඇල්බාගෙ බෙල්ල අස්සෙ මගෙ මූණ හංගගෙනම කෙදිරි ගෑවා...

පොඩි එකෙක්ව හරහට වඩා ගන්නවා වගේ එයා මාව හරවලා අරන්
ඇද උඩින් තිබ්බා...
ඊටපස්සෙ ෆෑන් එක on කරලා ඇවිත්
එයාත් මගෙ ළගින්ම ඇලවෙලා මාව එයාගෙ පපුව උඩට ගත්තා...
එයාගෙ ඇගිලි තුඩු හිමීට මගෙ කෙස් අස්සෙන් යවනකොට ඒ දැනුන සනීපෙටම මම එහෙම්මම ඇස් පියාගත්තා...

************************************

හදිස්සියෙම මාව ගැස්සිලා ඇහැරුනා...
වට පිට බලනකොට මම හිටියෙ ඇල්බාගෙ ඇග උඩ...
ලාවටත් නැති තදටත් නැති බඩගින්නකුත් තියෙනවා...
මොනවා කරන්නත් මේ යකා නිදිනෙ ඉතින්...

මම හිමීන් සැරේ නැගිටලා
බඩ දෙපැත්තට කකුල් දෙක දාලා ඇල්බාගෙ පපුව උඩින් ඉදගත්තා...

සුද්දෝඕඕඕඕ....
නැගිටින්ඩෝඕඕඕඕ...
මට බඩකිනියෝඕඕඕඕඕ....""

රිච්ටර් මාපක මහා පරිමාණයේ භූමි කම්පාවකට පොළව හෙලවෙනවා වගේ මම ඇල්බාගෙ උරිස් දෙකෙන් අල්ලලා හොලෝගෙන හොලෝගෙන ගියා...
හිහ්හී...
ඔය තියෙන්නේ...

බබා මොකෝ මේ....""

ඇහැරිලා නිදිමත බේරෙන චූටි වෙච්ච ඇස්වලින් මගෙ දිහා බලාගෙන ඇහුවා..

මට බඩගිනී....""

පාත් වෙලා ඇල්බාගෙ නහයෙ කෙළ තලියක් ගාන ගමන් නිදි මත යන්නත් එක්ක ඇල්බාගෙ නහය ටිකක් රිදෙන්නම හව් ගාලා හැපුවා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now