~ සුළං රැළි ~

48 11 6
                                    

ඈත මෑතින් පෙනෙන
නොයෙක් රූ දහස් දෙන...
පසු කරන් පැමිණියෙමි..
මේ සයුරු තෙර වෙතට..

මා නුඹට ප්‍රේමයක..
පාට මේ යැයි කීව..
ඉර ගිලුණු අහස් කුස
හොඳින් පේනා තැනට..

මේ අහස සේ හිස් ය...
මගේ හිත අළු පාට...
නිල් පාට රැළි නඟන..
සයුර නුඹමයි මෙතන..

දුර හිඳන් බලන විට
ක්ෂිතිජයකි සිපගන්න..
ලං වෙලා සේ නමුදු...
කිසිම දින එක් නොවෙන...

පියඹනා කෑගසන
ලිහිණි සේ මතකයකි..
හිත් අහස සැරිසරන
හඬ හඬා නාද දෙන...

මන් නුඹෙන් රිදුම් දෙන
හිත අරන් සැනසෙන්න..
එන්නෙම නුඹ වන් වූ..
මෙකී රළු සයුර වෙත
.
.
.
.
.
.
.

𝑳𝒊𝒍𝒚 𝑲𝒊𝒎 🌺

𝐁𝐥𝐮𝐞 𝐚𝐧𝐝 𝐆𝐫𝐞𝐲 🌙🌑Where stories live. Discover now