ඇත්තටම ලංකාව කියන්නෙ හරි පුංචි රටක් කියලා කියන කතාවනම් ඇත්ත...
මාස පහක විතර බබෙකුත් වඩාගෙන මම ඉන්න තැනට ටිකක් ඉස්සරහින් හිටියෙ හිටියෙ සැන්ටා...මම පණ වගේ ආදරේ කරපු සදරු අයියා... (සැන්ටාගෙ නම සදරු කණිෂ්ක )
මගෙන් ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් ඇවිත්,
මට එයාගෙ ආදරේ ඕනම උන වෙලාවෙදි මාව දාලා ගියපු සදරු...
අදටත් මගෙ හිත එයා වෙනුවෙන් බලන් ඉන්නවා...
ඒත් එයාටනම් මාව මතක් වෙලා නෑ වගේ...නෙතූ බබා ඇයී???
මොකද උනේ???සවිනාශ් අයියාගෙ අත මම හයියෙන් මිරිකගෙන ඉදලා...
ඒක නිසා එය කළබල වෙලා...
මම එයාවත් ඇදගෙන එතනින් එළියට ආවෙ මගෙ හුස්ම හිරවෙනවා වගේ දැනුන නිසයී...
මට තවත් සදරු අයියා දිහා බලන් ඉන්න පුලුවන් කමක් තිබුනෙ නෑ...එයානම් ඉස්කෝලෙ යන කාලෙ මගෙත් එක්ක යාළු වෙන්න කලින් යාළු වෙලා හිටපු සෙනුමි අක්කාවම බැදලා...
බලන් ගියහම මම විතරයි රැවටිලා තියෙන්නේ...
මට දුක හිතුන් නෑ...
ඇත්තටම මට සතුටුයී...
මම මෙච්චර කල් වද උනේ එයත් මං ගැන වද වෙනවා ඇති කියලා හිතිලා...
කොහොම හරි කමක් නෑ මම නැතත් එයා හරි සතුටින් ඉදලානෙ...සවිනාශ් අයියා මාව වැව රවුමට එක්කගෙන ආවා...
ඊටපස්සෙ සිමෙන්ති බංකුවක් උඩින්
මාවත් වාඩි කරගෙනම එයත් වාඩි උනා...නුවර වැව රවුම කියන්නෙ නිස්කලංක තැනක්...
වැව සිපගෙන එන හුළගට මම ඇස් දෙක පියාගෙන ගොඩක් දේවල් හිතුවා...
මම ආදරේ දීපු කෙනා මගෙ ආදරේ එපා කියලා දාලා ගියා...
මට වචනෙකින්වත් ආදරෙයී නොකියා
මගෙ පපුවට දැනෙන තරම් ආදරේ දෙන කෙනෙක් මගෙ ලගින් ඉදගෙන ඉන්නවා...
ජීවිතේ හරි පුදුමාකාරයි...
අපි හීනෙකින්වත් හිතන දේවල් නෙවෙයි වෙන්නෙ...මම කොච්චර වෙලාවක් තනියම කල්පනා කර කර හිටියත්
සවිනාශ් අයියා මගෙන් මුකුත්ම ඇහුවෙ නෑ...
එයා ඒ මුළු වෙලාවම කලේ පොරි පැකට් එකක් අරන් මාළුන්ට කන්න දාපු එක...මටත් ඕනෙ පොරි...""
මටත් ආස හිතුනා මාලුන්ට කන්න දාන්න...
වතුරෙන් උඩට කටවල් උස්ස උස්ස
පොරි වලට පොරකන මාළු දිහා බලන් ඉන්න ආස හිතෙනවා...
ඒ අස්සෙ තාරාවොත් ඇවිල්ලා
එහෙන් මෙහෙන් හොට දානවා...
Part 25 👨❤️👨
Start from the beginning