Part 19 👨‍❤️‍👨

Start from the beginning
                                    

ඇල්බාගෙ කටහඩත් ඊට දෙවනි නෑ...
ඔය ඔක්කොටම වඩා මට තියෙන ප්‍රශ්නෙ තමයි
කොහේ යන්නද මෙයා බෑ කියලා කියන්නේ??
අප්පච්චි ඇල්බාව කොහේ යවන්නද හදන්නෙ??

අදුරන් නැති මිනිස්සු ඉන්න රටකට නෙවෙයිනෙ යවන්න හදන්නෙ...
England වල බාප්පලාත් ඉන්නවා...
බය වෙන්න දේකුත් නෑ....
මුරණ්ඩු කම පැත්තකින් තියලා යන්න ලෑස්ති වෙනවා....""

අප්පච්චි ඒ කියපු කතාවට
මගෙ කකුල් දෙකත් පණ නැති වෙලා ගියා...
ඇල්බාව මගෙන් ඈත් කරන්නද හදන්නේ??
මට තවත් ඒ කතාව අහගෙන ඉන්න
පුලුවන් තත්වෙක නෙවෙයි මම හිටියෙ...

ගෙදරට ආපු ගමන් මම පුලුවන් ත‍රම් වේගෙන් බයික් එකත් අරගෙන ගියෙ පිට්ටනියට...
සුපුරුදු ප්ලේස් එකට යනකොට,
කොට්ටම්බා ගහයට කවුද වාඩි වෙලා ඉන්නවා...
ආපහු හැරිලා එන්න හැදුවත්
ඒ සිංදුව ඇහුන ගමන් මම ආපහු හැරුනා...
ඒ කටහඩ මට හොදට හුරුයී...
මගෙ කස් එක රෝසා...
මූ මක් කරනවාද මෙතන...

මමත් සද්ද නැතුව ගිහින් උට එහා පැත්තෙන් වාඩි උනා...
මම වාඩි වෙනවා දැනිච්ච නිසාද මන්දා
රෝසාව එකපාරටම ගැස්සිලා ගියා..
ඌ මගෙ දිහා බැලුවාම තමයි මම දැක්කෙ
ඒ ඇස් දෙක රතූ වෙලා
කම්මුල් තෙමාගෙන ගලාගෙන ගියපු
කදුළු වල තෙත පාරවල්
එහෙම්මම තියෙනවා...

උඹ මොකෝ මෙතන කරන්නෙ...

මම ඇහුවෙ රෝසා මාත් එක්ක මිසක්
කවදාවත් තනියම මෙතනට ඇවිත් නැති නිසයී...

ඉදලා හිටලා මම මෙතනට ඇවිත් යනවා...

අහපු ප්‍රශ්නෙට වඩා මගෙ හිතේ තිබුන ප්‍රශ්නෙටයි මට උත්තර හම්බුනේ...
මදෑ මමත් තනියම ඉන්න හිතාගෙන ආවා...
එක අතකට රෝසා මෙතන
හිටපු එකත් හොදයී...
මම හදිස්සියෙ පිඹගෙන ආවාට
මට ගිටාර් එකවත් අරගෙන එන්න බැරි උනා...

මම රෝසාගෙ අතේ තිබුන ගිටාර් එක ඇදලා මගෙ ලගට ගත්තා...
රෝසාගෙ කදුළු වැටිලා
ගිටාර් එක තෙමිලා...
ඒකෙන්ම කියතෑකි මූ මෙතන සෑහෙන්න වෙලාවක් අඩ අඩ ඉදලා තියෙනවා කියලා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now