Part 10 👨‍❤️‍👨

Start from the beginning
                                    

දැන්නම් මාව හොදටම හිර වෙලා එහාට හැරෙන්නත් බෑ...
මෙහාට හැරෙන්නත් බෑ...
මැද හිටපු උන් ටික විවාදෙ නවත්තලා අතින් පයින් ගහගන්න පටන් ගෙනද කොහෙද
බෝට්ටුවෙ යනවා වගේ මාව දෙපැත්තට වැනෙනවා...
හුස්ම ගන්නවත් බැරි තරමට මාව හිර වෙලා...

ටික ටික ලොකුවටම සද්දෙ වැඩි වීගෙන එනකොටම තේරුනා
වලිය පටන් අරන් ඉවරයී කියලා...
මාව මෙතනට හිර උනොත් කොහොමත්
මටත් කෑමක් තමයි සෙට් වෙන්නෙ...
දැනටමත් ගුටි කන්න හිත හදාගෙන ඉන්න එක කොයිකටත් හොදයි...

මගෙ ඉසාරහට පැනපු එකෙක් මට ගහන්න හදද්දිම මම පාත් උනා...
ඌ 13 වසරෙ එකෙක්
ඒ කියන්නෙ මේක 13 වසරෙ උන්ගෙ වලියක්...
මට අහක යන ගලි බවුසරයක්ම පෙරලෙන්නවගේ යන්නෙ...

ගොඩනැගිලි වල බැල්කනි පිරෙන්න ළමයි බලන් ඉන්නවා...
Interval එක වෙලාවට සර්ලා මිස්ලාත් නෑ...
වලි දාගන්නෙම මේ වගේ වෙලාවට තමයි...

මගෙ එහා පැත්තෙ ගහගන්න එකාව මගෙ ඇගේ වැදිලා
මාව එහාට වීසි වෙලා
මගෙ අනිත් පැත්තෙ හිටපු එකාගෙ ඇගේ වැදුනා...
දැකලා පුරුදු මූණකුත් නෙවෙයි...
ඌ හිතුවෙ මාත් ගහගන්න ආපු එකෙක් කියලා
ඌ මට ගහන්න හදද්දි මටත් ගුටි කන්න බැහැනෙ අන්තිමට මාත් උන් එක්ක ගහගත්තා....
උන් මට වඩා උස මහතයි
මම මදුරුවො තලනවා වගේ උඩ පැන පැන ඕනෙ ගහගන්නත්...

එකෙක් මගෙ අතක් අඹරපු නිසා මට අමාරුයි...
අතනම් කැඩිලා වගේ රිදෙනවා...
එළියට යාගන්නත් බෑ...
මිස්ලාත් ඇවිල්ලා
කුලප්පු වෙච්ච කුළු හරක් වගේ ඇනගන්න
දේහදාරී කොල්ලො ටිකක් ආන්බාන් කරන්න පුලුවන්ද මිස්ලාට...
එයාලාට කිට්ටු වෙන්නවත් බෑ...

දැන්නම් මල් පෝච්චි මල් පැල පිටින්ම පියාඹනවා...
ඔළුව බේරගත්තොත් ඇති...
එහෙම හිතලා අතත් අල්ලගෙන
එහාට යන්න හදනකොටම කකුලක පැටලිලා මාව වැටුනා...
ගහගන්න උන්ට මාව පෑගෙනවත් එක්ක...
අමාරුවෙන් නැගිටගෙන අඩිය තියන්න හැදුවා විතරයි
මට අන්තිමටම මතක
මල් පැලයක් හිටවපු පෝච්චියක්
මගෙ දිහාවට එනවා විතරයි...
මගෙ ඔළුවෙන් උණු දියරයක් වගේ මොනවා හරි මූණ දිගේ බේරුණා....

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now