Part 11 👨‍❤️‍👨

Start from the beginning
                                    

ඊටපස්සෙ එයා මගේ බෝල පශ්ශට රිදෙන්නෙ නැති වෙන්න පාරකුත් ගහලා
මගෙ ඇදුනුත් මාරු කරලා
නළලත් ඉම්බා...
තාත්තා කෙනෙක් එයාගෙ දරුවව බලාගන්නවා වගේ
ඒ හැමදේකම ආදරේ පිරිලා තිබුනා....

> _<

උදේටනම් අම්මලා ගෙනාපු සුප් එක
පිඹ පිඹ පැයක් විතර අතේ තියන් ඉදලා බැන බැන පෙව්වා...
ඔක්කොම බීලා ඉවර වෙනකම්
මිනිහට සැනසීමක් නෑ...

ඊටපස්සෙ Lap එකේ film එකක් දාලා දීලා
එයා මගෙ කකුලක් උඩින් ඔළුව තියන් ටිකක් නිදාගත්‍තා...
ඊයේ රෑ හරියට නිදාගන්න බැරි වෙන්න ඇති...
පව්ව්....

දවල්ට එයා චූටි චූටි කුරුලු හොටවල් වගේ
බත් කටවල් අනලා මට කැව්වා...
මමත් යන්තම් කට ඇරලා ඒකනම් ආසාවෙන් කෑවා...
එයා ඒ හැමදේම කලේ හරිම ආදරෙන්...
එයා මගෙ ලග ඉන්නකොට කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ...

ආදරෙත් මහ පුදුමාකාරයි...
ආදරේට එක එක ස්වරූප ගොඩක් තියෙනවා...
අවස්තාවට ගැලපෙන විදියට වෙනස් වෙන්න ආදරේට පුලුවන්...


***********************************
⌛️

මේ දවස් දෙක තුනනම්
එයාගෙ අත්‍යවශ්‍යම දේකට මිසක්
මගෙ ලගින් හෙලවුනේවත් නෑ...
ගොඩක් ආදරෙන් මාව බලාගත්තා...
එයාගෙ පපුවෙ පිරිලා තියෙන ආදරේ මට දරාගන්න බැරි තරමටම දැනුනා...
අපි දෙන්නාට දෙන්නා ආදරේ කලාට
අපි දෙන්නාම ඒ ගැන කතා කලේ නෑ...

මම හිතන්නෙ අපි දෙන්නාට දෙන්නා
බය වෙන්න ඇති අපිට අපිව
නැති වෙයි කියලා....
ආදරේ හිතට දැනෙනවානම් ඒක කිවුවා නොකිවුවා කියලා වෙනසක් වෙන්නෙ නැහැනෙ....

අද මාව ගෙදර එක්කන් යනවා...
ඔළුවෙ බැන්ඩේජ් එක ගලවලා ප්ලාස්ටරයක් විතරයි දැන් තියෙන්නේ...
ඔළුවනම් එච්චර රිදෙන් නෑ...
අතනම් හොදවෙන්න ටික කාලයක් යයි...
අතනම් හොලවන්න තියා හිතන්නවත් බෑ...

ඇවිදින්න හොදටම පුලුවන් කම තිබුනත්,
කාර් එකට එනකම්ම ඇල්බා මාව වඩාගෙනමයි ආවේ...
ගෙදරට ඇවිල්ලත් මාව උස්සගෙන ගිහින් ඇදෙන් තියලා මාව එයාගෙ පපුවට තද කරගෙන හිටියා...
එයාගෙ ආදරේ ගැන මට නොකියා හිටියට
එයා කරන හැමදේකින්ම මට ඒ ආදරේ
මහ ගොඩක් දැනෙනවා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now