Part 08 👨‍❤️‍👨

Comenzar desde el principio
                                    

ඇල්බා ළග ඉන්නකොට මට රෝසා ලගදි නොදැනෙන කියාගන්න බැරි තරම් බර හැගීමක්දැනෙන්නෙ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


ඇල්බා ළග ඉන්නකොට මට රෝසා ලගදි නොදැනෙන
කියාගන්න බැරි තරම් බර හැගීමක්
දැනෙන්නෙ...
ඒක මොන වගේද කියලා තේරුම් ගන්න අමාරුයි...
ඇල්බා පාළු පාර දිගේ bike එක හිමීට පැදන් ඇවිත්
කරුවල තැනක අයිනකට කරලා නවැත්තුවා...
එයාට මාවවත් මට එයාවවත් නොපෙනෙන තරමටම එතන කරුවලයි...

ඊටපස්සෙ මගෙ ඉනවටේ අත් දෙක දාලා මාව තව ටිකක් එයාගෙ ලගට ගත්තා...
මම දැන් ඉන්නෙ එයාගෙ උකුලෙ...
එයාගෙ හුස්ම මගෙ බෙල්ලෙ වදිනවා...
රස්නෙයි...
මට ඒ උණුසුම ඕනෙ...

තරහද මාත් එක්ක....""

මගෙ ඔළුව වැදුන තැන හිමීට අත ගාන ගමන් මගෙන් අහනවා...
ඇල්බාගෙ කටහඩ වෙව්ලනවා...

දාලා ගියාට Sorry....""

මගෙ පපුවට ඔළුව හේත්තු කරන් එයා අඩනවා...
වෙනදට මගෙ ළග පිස්සු කෙලින ඇල්බා නෙවෙයි අද මන් ළග ඉන්නෙ...
වෙනස්ම කෙනෙක්...
ඒත් මම යටි හිතින් ඒ වෙනසට කැමතී...

එත් එක පාරටම එයා මගෙ නළල ඉම්බා...
මගෙ පපුව පුරා විදුලියක් කෙටුවා වගේ මට දැනුනෙ...
මට හුස්මගන්නත් අමතක උනා වගේ...
මම ඇල්බාව ඕන තරම් ඉබලා ඇති
ඇල්බාත් මාව පෙරළගෙන ඇති වෙනකම් ඉබලා ඇති...
ඒත් එදාට වඩා අද වෙනස්....
ගොඩක්ම වෙනස්...
අද මට මේ දැනෙන වෙනස්ම හැගීම මොකද්ද කියලා මට තේරුම් ගන්න අමාරුයි...

එයා මගෙ නළලට නළල හේත්තු කරන් ගොඩාක් වෙලා හිටියා....
වෙනදට තොරතෝංචියක් නැතුව කියවන
මම අද වචනයක්වත් කතා කලේ නෑ...

ඒත් එක්කම මගෙ phone එක vibrate උනා...
රෝසාගෙන් MSG එකක්...
කෑවද කියලා අහලා...
ඇල්බා හිටියෙ මගෙ කිට්ටුවම නිසා එයත් දකින්න ඇති ඒ MSG එක...

එයාගෙ මූණ වෙනස් උනා...
Phone එකේ එළියෙන් මම පැහැදිලිවම ඒ වෙනස දැක්කා...

ගෙදර යන්...
නගින්න පිටිපස්සට....""

මෙච්චර වෙලා මගෙ ළග හිටපු ආදරණිය අරවින්දට සමුදීලා...
සුපුරුදු ඇල්බා ඇවිත්...
ඒත් එහෙම කිවුවහම මට දුක හිතුනා...
මට ඒ උණුසුමෙන් මිදෙන්න ලෝබ හිතුනා...

බෑ.... මේ ඉන්න විදියටම යමු...."

මම ආපහු එයාගෙ අත් දෙක අරන් මගෙ ඉන වටේ දාගත්තා...
ඒත් එයා අත් දෙක ඇදලා අරන්
මට bike එකෙන් බහින්න ලේසි වෙන විදියට
එහාට වෙලා ඉඩ හදලා දුන්නා...

බෑ බෑ නගින්න පිටිපස්සට....""

ඒකනම් ටිකක් සැරෙන් කිවුවෙ...
මගෙ ඇස් වලට කදුළු පිරුනා...
මම කොච්චර ආසාවෙන්ද හිටියෙ ඇල්බා ආපු එකට...
ඒත් එයා වෙනස් වෙලා...

දැන් එයාට මාව කරදරයක් වෙලාද???
එයාට මාව පරිස්සම් කරලාම එපා වෙලා ඇති...
හැමදාම ඇගිල්ලෙන් ඇන ඇන උපදෙස් දීලාම එපා වෙලා ඇති...
හැමදේකටම පස්සෙන් ඉදලා එපා වෙලා ඇති...
එයාට මාව දැන් වදයක් වෙලා ඇති...
මට ඉකි ගැහෙනවා...
එහෙම හිතෙනකොට
මට දරාගන්න බැරි තරම් පපුව රිදෙනවා...
මට ඇල්බාව ඕනේ...
මට හැමතිස්සේම එයා ලගට වෙලා ඉන්න ඕනේ...

මගෙ හිතට එයාව මට ඕනෙ කියන හැගීම විතරක් මට තදින්ම දැනෙන්න ගත්තා...
.
.
.
.
.
.
.
.
To be continued 😘
.
.
.
.
.
.
ඉෂූ 🙆

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Donde viven las historias. Descúbrelo ahora