Part 06 👨‍❤️‍👨

Start from the beginning
                                    

අද මම රෝසා එක්ක කන්නවත් ගියෙ නෑ...
එයත් මාව හෙවුවද නැද්ද කියලා මම දන් නෑ...
කංජපානිගෙ ඉදියාප්ප ගෙඩිය කන්න ගියෙත් නෑ...
ලෙංජිනාගෙ අයිස් කන්න ගියෙත් නෑ...

ඉස්කෝලෙ ඇරිලා කෙලින්ම ආවෙ ගෙදර
ඒ ඇවිත් uniform එක ගලවන්නෙවත් නැතුව
එහෙම්මම ඇදට පැන්නා...
ඔළුව කැක්කුමයී පැලෙන්න...
මොලේ එළියට පනින්න එනවා වගේ වේදනයි...
දණිස් දෙකත් කැක්කුමයී...
වෙනදටනම් ඇල්බා දණිස් දෙකේ බාම් ගාලා තවලා
සාත්තුවක් දුන්නහම වේදනාව අඩු වෙනවා...
කවදාවත් මට දාඩිය පිටින් මෙහෙම ඉන්න දෙන්නෙත් නෑ...
අද ඒ මුකුත්ම නෑ...
ඇල්බාත් නෑ...

Interval එකටත් නොකාපු නිසා මට අම්බානකට බඩගිනී...
බඩේ පණුවො හර්තාල් කරනවා...
ඒත් කන්න හිතක් නෑ...
ඇගට පට්ටම අමාරුයි උණ ගන්න වගේ...
ඇස් දෙක ඇරගෙන ඉන්නවත් බැරි තරම් අමාරුයි...
මහන්සි...
මම ඇස් පියාගත්තා...

ටික වෙලාවකින් මට ඇස් ඇරුනෙ
කවුරු හරි මගෙ ඔළුව අත ගානවා වගේ දැනුන නිසයි...
ඇස් ඇරලා වට පිට බැලුවහම අම්මා...
ඇල්බාගෙ අම්මා...
වෙනදාට අපි දෙන්නාම ඉස්කෝලෙන් පස්සෙ ඇල්බාගෙ ගෙදර ගිහින්
කාලා බීලා ඉවර වෙලා තමයි
කරන වැඩක් කරන්නෙ...
අද මම නොගිය නිසා...
බත් එකක් අරගෙන ඇවිල්ලා...

මගෙ phone එකට එවලෙම cl එකක් ආවා...
මම හිතුවෙ ඇල්බා කියලා...
මම ඇදෙන් පනින්න ගිහින් වැටුනත් එක්ක...
වැටි වැටි දුවන් ඇවිත් phone අතට ගත්තහම
Cl එක ඇවිත් තිබුනෙ රෝසාගෙන්...
මාව අද දවසටම දැක්කෙ නැති නිසා
Cl කරලා බලලා තියෙන්නේ...

Wash දාලා කෑම එක කන්න කියලා අම්මා කෑම එක තියලා ගියා...
මම ඇල්බාට cl එකක් අරන් බැලුවා
තාමත් phone එක වැඩ නෑ...

අනේ ඕන් නෑ තෝ....
තොගෙ බෝල පශ්ශ පැත්තෙ පලු දෙක ඈට්ග් කරලා ගහගනින් ඔය phone එක...
උට්ට...
ඕක තිබිලාත් වැඩක් නෑනෙ...
ඒස බල්ලා...
ඔටු ලබ්බා...
කැස්වටුවා...
කාන්තාර ඔටුවා...
මාව දාලා ගියා මදිවට තව phone එක වැඩ කරන්නෙත් නෑ...
මම තෝව කනවා ආපහු ආපු ගමන්...

හිතේ තියෙන තරහට ඇල්බාට ගහනවා කියලා හිතින් මවාගෙන
කොට්ටෙට ගහලා ගහලා අන්තිමට මම කොට්ටෙ කෑවා...

ඈඈඈඈඈඈඈඈ.... බ්ම්ම්ම්ම්.... ඈඈඈඈඈ...."""

අන්තිමට මටමයි රිදුනේ...
මම හයියෙන් ඇඩුවා...
කෑ ගගහා ඇඩුවා...
කොට්ටෙ මූණ ඔබාගෙන ඇඩුවා...
මටත් නොදැනිම මට නින්ද ගිහින්...

🤕
************************************
🤒

පහුවදා උදේ ඇස් දෙක ඇරගන්න බෑ...
මිරිස් ගහලා වගේ දැවිල්ලයි...
අමාරුවෙන් නැගිට ගන්න හැදුවට නැගිට ගන්නත් බෑ...
බඩ ඇතුලෙ කොන්ක්‍රීට් මික්ස්චර් එකක් වැඩ කරනවා වගේ බඩ පෙරලනවා...
ඊයෙ දවසටම කාලා නැති නිසා
ඇගට පණක් ඇත්තෙම නෑ...
මුළුවත් කෙලින් කරගෙන
අමාරුවෙන් වැනි වැනි bathroom එකට යන්න හැදුවා විතරයි වටේම නිලංකාර උනා...





එච්චරයි මට මතක....
.
.
.
.
.
.
.
To be continued 😘
.
.
.
.
.
ඉෂූ 🙆

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now