Part 06 👨‍❤️‍👨

Start from the beginning
                                    

කලබල වීලා වට පිට බැලුවා....
මිදුලේ පොල්ලක් තියෙනවා දුටුවා....
මොහොතින් මොහොතේ ල වීලා....
පොල්ලෙන් කෙලලා ඇරියා....

මමත් වකුගඩු දෙක පෙනහලු වල පැටලෙනකම්ම හිනා උනා...

සිංදු කියලා ඉවර වෙලා මුං විහිළු කතා කියනවා...
අහන් ඉන්න බැරි තරම් අමු කුණු හරුප..
හැන්දෙ කතාවයි,
බයිසිකලේ කතාවයි,
කඩල කතාවයි...
එකි මෙකී නොකී රස කතා වැලයි...
මුන්ට කුණු හරුප කියන්නෙ හරියට රස කෑමක් වගේ...

නපුරු කලට වට් ටු ඩූ කිවුවාලු...
ඕනෑම කක්කා බාල්දියක් ඇදගෙන නාන්නෙ නැතුව වලට බැහැලම නෑමෙ සුපිරිම හැකියාවක් මට තියෙන්නේ...
පංතියෙ දොර ගාවින් එක පාරටම මතු උනේ විනයා...

යකෝ අදනම් මම මොන නැකතකින් නැගිටලාද මන්දා
යන යන තැන මේ යකා ඉන්නෝ...
මයිනා ඉන්නෙ කූඩුවේ
මම ඉන්නම් පාඩුවේ කියලා...
මේ යකාටත් බෑනෙ පාරාදීසයක් වගේ තියෙන office එකට වෙලා ඉන්න...
හැයියකෝ...

අදනම් ටින්කිරි කක්කත් එක්ක mix කරලා තමයි නාගෙන තියෙන්නේ...
කියපු කුණුහරුප සිංදු කතා සේරම විනයා අහං ඉදලා...
මූණ නිකම් හු# ගහපු කලාබරේ වගේ වෙලා...
මලම පැනලා,
එහෙම නොවුනනම් තමයි පුදුමෙ...
කියපු කුණුහැලප වැලේ හැටියට
පට්ට චාටර්...

සියළු දොස් නිවාරණයි...
කරපු පව් සමා කරගන්න
Office එක ඉස්සරහා දණ ගහගෙන ඉන්න උනා...

විනයා දැනුයි මාව දැක්කෙ...
අද මොකෝ තනියම කෝ අද අනිත් එකා නැද්ද???
කියලා ඇහුවහම මෙච්චර වෙලා තිබුන සැහැල්ලුව කොහේ ගියාද දන් නෑ
මොකෙක් හරි එකෙක් වතුර පුරෝපු බැලුමක්
මිරිකලා පුපුරලා යැවුවා වගේ
පපුව ඇතුලෙනුත් මට දැනුනෙ හදවත පුපුරලා ගියා වගේ...
කවදාවත් නැතුව ඇස් වලට කදුළු ඉනුවෙ ඇයි කියලා මම දන්නෙ නෑ...
හැබැයි මම කවදාවත් කිසිම දේකදි තනි වෙලා නෑ...
අද මම හොදටම තනි වෙලා...

ඇල්බා
හැමදාම මගෙ ලගම හිටියා...
ගිය තැනකට මාවත් අරන් පළයන් කියලා කෑ ගහලා කියන්න තරම් වේදනයි...
රත් වෙච්ච තිරුවාණ ගල් වලට
දණිස් කපාගෙන යන වේදනාව
නොදැනෙන්න තරම් මගෙ පපුවට වේදනයි...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now