අද හවසට පිට්ටනියට යමං පිට්ටනි පැත්තෙ..
ගොඩදවසකින් වොලි බෝලෙ අල්ලන්නත් බැරි උනානෙ...""හ්ම්ම්ම්... යමං...""
මං කිවුවෙ ඒකනෙ දුකට සැප්ට සනී වගේ
ඇල්බා තමයි මගෙ සනී...
අනාව් ඉටිම්...
මට කියන්න විතරයි තියෙන්නේ...
අනිත් පැත්තට ok එක කොහොමත් ලැබෙනවා කියලා මම දන්නවා...ඇල්බා මගෙ කරටත් අතක් දාගෙන ගේට්ටුව ලග තියෙන බෙල් එක ඔබන ගමන් කිවුවා...
අපෙ අම්මලා එනකම් මම එක්කො උගෙ ගෙදර...
නැත්නම් අපෙ අම්මලා එනකම් ඌ මගෙ ගෙදර...
උගේ ඇදුම් මගේ ඇදුම් කියලා බෙදපු අල්මාරියක් අපි දෙන්නාට නෑ...
අඩුම ගානෙ ජො#ටවත් බෙදීමක් නෑ..
ඌ මගෙ සහෝදරයා...
නෑ ඊටත් වඩා...ඇල්බායි මායි wash දාලා, කාලා බීලා බන්ඩි ෆුල් කරගෙන හතරගාතෙ දාලා
ඇදට වෙලා හිටියා ටිකක් relax එකේ...
මගෙ ඔළුව යකාගෙ කම්මල වගේ...
කොහෙන් ගියත් නතර වෙන්නෙ අහිංසක ටිං ටිං ලග
ඇයිද මන්දා??
හරියට නිකම් හදවතට වෙඩි වැදිලා වගේ...
කවුද වෙඩි තිබ්බෙ කියලා තමයි හිතාගන්න බැරි..
තවනම් ඉන්න බෑ...ඇල්බා..
යමං...""දාඩිය දාලා කරුවල වැටෙනකම්ම අපි වොලි බෝලෙත් එක්ක ඔට්ටු උනා...
හිතේ තියෙන දේවල් අමතක කරන්න තියෙන හොදම බෙහෙත තමයි මේ...
කරුවල වැටෙනවත් එක්කම
අනිත් කොල්ලො ටික ඔක්කොම විසිරිලා ගියා...
මම මගෙ සනියා එක්ක තනකොල බිස්සෙ කකුල් දෙක දික් කරගෙන
අත් දෙකට බර දීලා ඉදගෙන අළු මිශ්‍ර තැඹිලි පාට අහස දිහා බලන් හිටියෙ,මොකෝ බන්..
අමුතු වෙලා...
උබ අද දවල් ඉදන් මහ එක විදියක්...""ඌට මගෙ පොඩි වෙනසත් තේරෙනවා ඉතින්...
මටත් උට හොරෙන් කිසි දෙයක් කරන්න උවමනාවකුත් නෑ...
ඕන කක්කා බාල්දියක් හවුලෙ හලාගන්න මාත් එක්ක හැමදාම ඇල්බා හිටියා...ගෙදර යමන් බන් මහන්සි...""
කිවුවෙ ඇත්ත උනත්,
පළවෙනි වතාවට හිතේ තිබුන දේ මම උගෙන් හැංගුවා...
ඇත්තම කිවුවොත් ඇල්බාට කියාගන්න තරම් දෙයක් මට හිතාගන්න බැරි උනා...
Part 03 👨❤️👨
Start from the beginning