මට ආවා අයිඩියා එකක්, ඔව්.... එයාට පොඩ්ඩක් කතා කරන්න මං හිතුවා. එත් බනියිද කියලත් හිතුවා. ඒත් කමක් නැහැ කියලා මං ඉස්සර උනා. අනික මං කොහොමත් කැමති නැහැ කවුරුත් දුකින් ඉන්නවාට. කලින් කවදාවත් දැකලා නැති කෙනෙක් එක්ක උනත්, මං කතාබහ කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් පුලුවන් විදිහට උපදෙස් වලින් උදව් කරනවා. මං ගැන ලොකුවට කියනවා නෙවෙයි, මාව දන්න අය ඇති. එයාලා දන්නවා ඒක ඇත්ත කියලා.
ඉතින් මං අක්කාගෙන් ඇහුවා. හෙමිහිට කතා කරන්න පටන් ගත්තා. අක්කාට ඒ මොහොතෙ තිබුණෙ නම් අක්කාගෙ යාලුවා වටේ ඉන්න අය කියන දේවල් අහලා අක්කව අවිස්වාස කරලා, නොකරපු වැරදි වලට පටලවපු එකේ දුක! එයාට මං කිව්වා විස්වාසය නැති තැන බැඳීම් වලින් වැඩක් නැහැ, බිදුණු වීදුරුවක් ආයෙ හදන්නත් බැහැ, ඒ වගේම ඔහොම එක පාරටම අත හරින මිනිස්සු වැඩක් නෑ අක්කී, අත් හරින්න කියලා......
ඒත් අක්කි කිව්වා, මට ඕනි උනේ හැවෝටම හොඳ යාලුවෙක් වෙන්න විතරයි කියලා.
තව මැසේජ් කිහිපයකින්, එයා මට ගුඩ් නයිට් බබා කිව්වා, ඔයා හොඳ නංගියෙක් කිව්වා. ඒත් මට ඕනි උනේ එයා එක්ක තව කතා කරන්න. ඉතින් ආරම්භයක් ගන්න හිතාගෙන මං කිව්වා, අපෝ මං වසවර්තියෙක් කියලා. ඒත් එයා කිව්වා, නැහැ ඔයා කතා කරන්න හොඳ කෙනෙක් කියලා.... සමහරවිට ඇත්ත වෙන්න ඇති.
මං අක්කා ඒ කිව්ව දේවල් වලට හාර්ට් එකක් දාලා, එයාටත් එයාගෙ හොඳ මතක් කරා. ඉට පස්සේ එයා කිව්වා, දවසක මං ඔයාට මගේ කතාව කියන්නම්, කැමති නම්. ඒත් ඒක මේකට අදාළ නැහැ.
මගේ පිළිතුර උනේ, ඕනිම වෙලාවක, ඕනිම මොහොතක, මං අහන්න ඉන්න ලෑස්තියි කියන එක.
ඉට පස්සේ මං කිව්ව දේත් එක්කම අක්කී අක්කිගෙ කතාව කියන්න පටන් ගත්තා. දවසක කියන්න කිව්ව කතාව එදා රෑම ටයිප් වෙන්න පටන් ගත්තා.
මේ වචන...... බලන්න මේ වචන...... ඇත්තටම මේවා 100%ක්ම ඇත්ත. කෙනෙක්ට තව කෙනෙක්ගෙ කතාවක් ලොකු දෙයක් නෙවෙයි කියලා පේන්න පුලුවන්. නමුත් ඒක ඒ කතාව අයිති කෙනාට ලොකු දෙයක්, මහමෙරක් වෙන්න පුලුවන්. අනික ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියන තියරියේ තදින්ම ඇලිලා ඉන්න කෙනෙක් මං..........මොකද කොවිඩ් හැදිලා මගේ අම්මායි මල්ලිවයි හොස්පිටල් ඇඩ්මිට් කලා. මටත් කොවිඩ්...... ඒත් මං ඇඩ්මිට් උනේ නැහැ. හැබැයි එයාලා ඒ හිටපු දවස් තුනෙන් එකකවත් මගෙ මනස නිදහසේ තිබුණෙ නැහැ. මං බය උනා. මං ඇත්තටම බය උනා, හැබැයි මට මොනවහරි වෙයි කියලා නෙවෙයි. එයාලා දෙන්නාට මොනවාහරි වෙයි කියලා. ඒක හැටි. මතක තියාගන්න. ආදරය කියන දේ අපිව දුර්වල කරනවා. මං එයාලා ගැන තිබ්බ ආදරේ නිසා මං බය උනා. අක්කී එයාගේ බෙයාර් ගැන තිබ්බ ආදරේ නිසා, විස්වාසය නිසා එයා ගොඩක් දේවල් පරිත්‍යාග කළා. ඒක හැටි. ඒ මිනිස්සුන්ගෙ හැටි. ඒකට දොසක් කියන්න මටවත් ඔයාලටවත් බැහැ.
මං දෙයක් කියන්නම්...... මේකෙ ඔයාලා බලාපොරොත්තු වෙන දේ නැතිනම් ඕනිම වෙලාවක ඔයාලට හැරිලා යන්න පුලුවන්. ඒත් කිසිම හිත රිදෙන කමෙන්ට් එකක් දාන්න එපා. අනිවාර්යයෙන්ම අක්කි මේක කියවනවා. එයා කිව්වේ " මට ශක්තියක් නැහැ මගේ කතාව අකුරු කරන්න. ඒ නිසා නංගී මං වෙනුවෙන්, අනික් අයට ආදර්ශයක් වෙන්න මේක ලියන්න....... "
මේ ඇගේ කතාව...............
YOU ARE READING
𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙷𝙴𝙰𝚁𝚃 ✔✔
Teen Fiction" අවුරුදු ගානක කතාවක්. නවල් එකක් කරන්න පුලුවන් මගේ කතාව " ......................... " ඇයි ඔච්චරටම මාව තේරුම් ගන්නේ? තැන්ක් යූ නංගී, තැන්ක් යූ! මට ඕනේ මගේ දුක නැතිකරගන්න. ඒක එච්චර ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් ඒක මට වේදනාවක්. " ...
හැඳින්වීමක් !
Start from the beginning