9)දරුණු රාක්ශයෝ..

शुरू से प्रारंभ करें:
                                    

ඒත් එයාලා හැමෝම මාව කොන් කලා.මගෙම යාලුවොන්ට පස්සෙ මගෙ අම්මා තාත්තා , මගෙ නන්ගි මේ කවුරුත් මන් කියන දේවල් විශ්වාස කලේ නෑ.

මාව අලුත් ඉස්කෝලෙකට දැම්මත් මන් මුහුණ දුන්න සිදුවීම් නිසා කලින් වගේ ජීවත් වෙන්න මට බැරි වුනා.සතුට,ආදරය,යාලුකම් කියන දේවල් මට ගොඩක් ඈතින් තිබුන දේවල් වුනා.

දවසක් හවස මන් පාරෙ ඇවිදිද්දි මට පරණ ඉස්කෝලේ මට වද දුන්න එක්කෙනාගෙ කටහඬ ඇහුනා.

"කාර් එකක් එද්දි පාරට පනිනවා.එතකොට මන් තමුසෙගෙ අම්මාගෙ ඔපරේශන් එකට සල්ලි දෙන්නම්.."
ඌ යාලුවො එක්ක කලින් එකම පන්තියෙ හිටපු තව අහිංසක කොල්ලෙක්ට වද දෙන ගමන් හිටියා.

මට මොනා හිතුන නිසා මන් ඒක කලාද කියලා මන් දන්නෑ. ඒත් මන් ඌව පාරට තල්ලු කලා.
"තමුසෙම පනිනවා!"මන් එහෙම කියද්දි එයාගෙ ඉස්සරහින් අමාරුවෙන් කාර් එකක් බ්‍රේක් කළා.

මන් ගෙදර එද්දි මගෙ තාත්තව රස්සාවෙන් අස් කරලා තිබ්බා. ඒ වගේම අර ළමයා මාව හොයන් ඇවිත් මට කෑගැහුවා.

"තමුන් නිසයි මගෙ අම්මා මැරුණේ.."කියලා ඒ ළමයා මගෙ කොලර් එකෙන් අල්ලන් කෑගැහුව හැටි අදටත් සමහර වෙලාවට මගෙ කන් වල දෝංකාර දෙනවා.

මේවා දරාගන්න බැරිම තැනයි මන් මැරෙන්න හැදුවේ...ඒත් එයාලා මාව බේරගෙන තිබ්බා.."

එයා අතේ කැපුම දිහා බලන් ලොකු හුස්මක් ගත්තා.

"ඊටපස්සෙ මම ඉස්කෝලේ නොයා කාමරේට වෙලා ගේම් ගහන්න පුරුදු වුනා.මන් සමහරවිට දවස් ගානක් එකදිගට ගේම් ගැහුවා.මේක නිසා අම්මගෙ බලකිරීමට , පවුලෙ අය මාව කොහෙ හරි ට්‍රිප් එකක් යන්න කියලා කාර් එකේ එක්කන් යද්දි තාත්තා මට බනින්න ගත්තා.

තමුන් වගේ නිකමෙක් නිසා මුළු පවුලටම දුක් විඳින්න වෙනවා වගේ දෙයක් එයා කිවුවා.මන් ඒක නිසා එයාලා ඔක්කොම එක්ක රණ්ඩු කළා.මාව එයාලගෙ පවුලට ගැලපෙන්නැත්තන් මට පාඩුවෙ ඉන්න දෙන්න කියලා මන් කෑගැහුවා.

කන්ට්‍රෝල් නැතිවුන ලොකු ට්‍රක් එකක් ඇවිත් අපේ කාර් එක හප්පගෙන යන්න මිනිත්තු කීපෙකට කලින් මන් කියපු එකම දේ "මන් කැමති ඔයාලා ඔක්කොම මැරිල යනවනම් කියලා.."

ඒත් ඊළඟට කෝමා එකක් නිසා මාස තුනකට පස්සෙ මන් හොස්පිටල් එකේ ඇහැරලා බලද්දි ඇත්තටම ඉතුරු වෙලා හිටියේ මන් විතරයි.

එයාලා ඔක්කොම ඒ ඇක්සිඩන්ට් එකෙන් මැරිලා තිබුනා.."

එයාගෙ අත් මිට මෙළවෙන හැටි මට පෙනුන නිසා මන් ආයෙමත් මගෙ අත් වලින් ඒ අත මගෙ ඔඩොක්කුවට අරගෙන ඒ නවාගෙන හිටපු ඇඟිලි දිග ඇරලා මගෙ අත් මැද්දෙ තියාගත්තා.

ඊළඟට ඒ ඇස් වලට එබුන මට, ඒවගෙන් බේරිලා තිබුන කඳුළු පාරවල් දකින්න ලැබුනා.

"ඒක ඔයාගෙ වරදක් නෙවේ..."මන් කියද්දි ඒ කඳුළු පාරවල් අලුත් වුනා.

"ම..මන් ඔයා ඉස්සරහ මෙ..මෙහෙම අඬන්නෙ ඇයි කියලා මන්වත් දන්නෑ..මන් හිතන් හිටියේ ම..මට දැන් ඒ මතක රිද්දන්නෑ කියලයි..ඒත්..ඒත්...මට තාමත් ඒවා රිදෙනවා.."

"ඔයා රාක්ශයෙක් කිවුවට තාමත් ඔයාගෙ කොටසක් මනුස්සයෙක්...ඉතින් වේදනාව දැනෙන එක සාමාන්‍යයි..ඔයාට රිදෙනවනම් අඬන්න..ඒකෙන් පොඩි හරි සැනසීමක් දැනෙයි.."මන් එහෙම කියද්දි එයා එකපාරට මගෙ ළඟට ඇවිත් උරහිසට ඔලුව තියාගෙන අඬන්න ගත්තා.

එයා කෑගගහා අඬද්දි මට කරන්න පුළුවන් වුන එකම දේ වුනේ එයාගේ අකීකරු අවුල්වුන කෙස් ගස් උඩින් ඇඟිලි යවලා එයාගෙ ඔලුව අතගාන අතරේ අනිත් අතින් එයාගේ පිටට තට්ටු කරන එක විතරයි.

පැය ගාණක් කඳුලු වගුරලා අඬන එක ටික ටික නැවතෙද්දි, එයා ආයෙමත් මගෙ උරහිසේ ඔලුව තියාගෙනම කතා කරන්න ගත්තා.

"ඊ..ඊට පස්සෙ මන් මේ බිල්ඩින් එකේ කාමරේකට කුලියට ආවේ මේකෙන් පැනලා හරි මැරෙනවා කියලා හිතලයි..ඒත්.
ඊට කලින් මේ වසංගතේ පැතිරුනා..

මාත් ඒකේ ආසාධිතයෙක් වුනා.

ඒත් මට ඒක පාලනේ කරගන්න පුළුවන් නිසා මට හම්බෙන ගොඩක් අය මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හැදුවා.

මාව එයාලගෙ දඩයම් බල්ලෙක් කරගත්තා..

ඊට පස්සෙ දවසක් හමුදාවෙ අය මාව අල්ලගෙන පරීක්ෂණ කරන්න ගත්තා..එදා ඉඳන් මාව මෙතන හිරකරලා.."

"හිරකරලා නෙවේ..ඔයාට නිදහස් වෙන්න ඕනේ නෑ..
එහෙම නේද?"මන් එහෙම අහද්දි එයා හෙමීට කෙලින් වුනා.

රතුවුනත් ඒ රවුම් ඇස් තාම ලස්සනට පෙනුනා.

"ඇයි එහෙම කිවුවේ?"එයා ඇහුවා.

"ඔයාට මෙතනින් යන්න පුළුවන් කමක් තිබුනත් ඔයාට ඒකට හේතුවක් නෑ.ඒක නිසා නෙවෙයිද ඔයා තාමත් මෙතන ඉන්නේ?"

| Monsters And People |Short Chapters| ✔जहाँ कहानियाँ रहती हैं। अभी खोजें