පහලොස් වෙනි දිගහැරුම ........

Start from the beginning
                                    

යීබෝ ඉක්මනින් නැවත වාහනය අසල විත් දොරහැර ආසනපටිය ඉවත්කර චාන්ව නිවස තුලට රැගෙන ගියේය .. එය තරමක් කුඩා නමුත් අලංකාර නිවසකි.. දෙමහල් නිවසක් වූ එහි චාම් බවක්, නිස්කලංක බවක් තිබුනි... නිවස තුලත් විවිධ ස්වභාවික මල් වර්ග තැන් තැන්වල තබා තිබුනි... එක් පසෙක මධ්‍යස්ථානයේ මාලු ටැංකිය මෙන්ම විශාල අලංකාර මාලු ටැංකියකි.. යීබෝ ගමන් මලු රැගෙන එනතුරු චාන් නිවස පුරා දෙනෙත් යැව්වේය ....

" මැණික දැන් පාන්දර ... හෙට උදේ ලස්සන බලමු... දැන් නිදාගන්න යමු...."

චාන් සිනාසෙමින් යීබෝගෙ බෙල්ලේ එල්ලුනේය...

" හා... ඉතින්... මේ බෑග් දෙකයි අලි බබෙකුයි උස්සගෙන උඩට යන්නද කියන්නෙ මට...."

යීබෝ සිනාසෙමින් ඇසුවේය ... චාන් ද සිනාසෙමින් යීබෝ පසුපස උඩුමහලට ගියේය .. යීබෝ සෙමින් ඔහුගේ කාමරයේ දොර විෘත කලේය.. යීබෝට පෙර චාන් ඊට ඇතුල්විය ..

චාන් දැන් කාමරය පුරා ඇවිදිමින් හැඩ බලයි... එය තරමක් විශාල කාමරයකි... පිටතට බැල්කනියක් මෙන්ම කාමරයට අලලා නාන කාමරයක් ද තිබුනි... එක් පසෙකින් තරමක් විශාල ඇදක්, පොත් රාක්කයක් විය... පාඩම් මේසය මත තිබුනු යීබෝගෙ ජායාරූපයක් චාන් අතට ගෙන ඒ දෙස බලා සිටින්නට විය...

" මැණික .... අපි නිදාගන්නෙ නැද්ද.... යන්න වොෂ් එකක් දාගෙන එන්න.   "

චාන් කාමරය නරඹන තුරු යීබෝ වොෂ් එකක් ගෙන කාමරය තුලට ආවේය ...

චාන් පිරිසිදු වී පිජාමා ඇදුමකට මාරුවිය... මුලදී මෙන් නොව එවන් කටයුතු දැන් ඔහු තනිවම සිදුකරගනී.... ඉක්මනින් ඇදට නැඟගත් චාන් එක් කොනකට වී යීබෝ එනතුරු බලා සිටියේය .. නිවසේ විදුලි බුබුලු නිවාදමා දොරවල්ද වසා දමා යීබෝ ඇඳට ආවේය ... අද යීබෝට සැහැල්ලුවක් දැනෙයි.... උදෑසන මව අසනීප වූවායැයි කී විට සහ චාන් දමා එන්නට සිදුවේයැයි සිතා ඇතිවූ ආතතිය මේ වනතුරුත් ඔහුගේ හිතට වදදුන්නේය...

යීබෝ ඇඳට ආ සැනින් චාන් ඔහුට සුපුරුදු ස්තානය සොයාගත්තේය ... දැන් යීබෝ දෙස බලාසිටී...

" මහන්සි හින්දා ඕනෙ නෑ කියලා හිතුවේ..."

යීබෝ එසේ කියමින් චාන්ගේ දෙතොල හෙමින් සිපගන්නට පටන්ගත්තේය .... ඉතින් චාන් ඔහුගේ රාජකාරි ආරම්භ කර ඇත... යීබෝගෙ දෙතොල් මත දෙතොල් රදවාගෙන ඒ ස්පර්ශයත් සමඟින්ම දෙනෙත් පියාග්ස්ත් චාන් මුලින්ම යීබෝගෙ කමිසයට යටින් අත දමා පිට අතගාන්නට පටන්ගත්තේය ... ටිකවේලාවක් මෙසේ හිද ඒ අත යීබෝගෙ ගෙල මතට තබාගත්තේය ... ගෙල පුරා විටෙක අතගාමින් විටෙක කොනිත්‍තමින් ඒ අත දැන් හිසකේ මතට ගෙන ආවේය .... යීබෝ චාන්ගේ දෙතොල් සිපගන්නා ගමන්ම මේ පහස හෙමින් විදගනී.... දැන් ඒ අත යීබෝගෙ මුහුණ මතයි... කම්මුලක් මිරිකයි... නලල පුරා ඇඟිලි දෙකක් එහෙ මෙහෙ යවයි.... තවමත් සිපගැනීම එලෙසින්මය... යීබෝ ඒ සිහින් තොල් පෙති උඩ යට සීරුවට මාරුවෙන් මාරුවට සිපගන්නේය.... එදා මුල් වරට දැනුනු රසයම ඒ ලෙසින්ම තවමත් ඒ දෙතොල් මතින් යීබෝ රසවිදී... දැන් චාන් දෑස් හැරියේය ... ඔහු දැන් යීබෝගෙ ඇසක් ඔහුගේ ඇගිල්ලකින් බලෙන් විවරකරයි... ඉතින් යීබෝත් දෑස් හැරියේය ... හැමදාමත් මෙන්ම චාන්ට මෙය අවසන් කරන්නට කිසිම උවමනාවක් නැත.... යීබෝගෙ දෑස් දෙසම දැන් ඔහු බලා සිටී.... මදවේලාවකට පසුව ඔහු දෙතොල් මුදා ගත්තේය .... විනාඩි තිහක්.. ඒත් චාන් දෙතොල් මුදවද්දී යීබෝට ලෝබ සිතුනි...

OUT OF THE DARKNESS ........yizhan ff Complete  ......Where stories live. Discover now