"මං අද හැමෝටම එන්න කිව්වේ විශේෂ දෙයක් කියන්න...ඒ තමයි Alpha ගේ සහකාරිය ගැන.."

"මගේ?...ඔයා මොනාද කියන්න හදන්නේ master?"

"Alpha ඔබේ සහකාරිය මා දැනටමත් තීරණය කර අවසන්..එමෙන්ම ඇයව සලකුණු කර අවසානයි..ඇයව පමණයි Alpha ඔබට විවාහ කර ගත හැක්කේ..එයයි නීතිය එයයි දෛවය...එයට විරුද්ධ වන්න සිතන්නවත් එපා"

"අනේ master කරුණාකරලා..මං කියන දේ අහන්න..මං කොහොමද මං නොදන්න කෙනෙක්ට ආදරේ කරන්නේ..මං කොහොමද...මට බෑ ඒක කරන්න"

"මා මාගේ අවසන් තීරණය කියලා ඉවරයි...ඔබයි කණ්ඩායමේ නායකයා..ඔබ සිතිය යුත්තේ කණ්ඩායම ගැන පමණයි..ඔබ මාගේ තීරණයට විරුද්ධ වන්නේ නම්..ඔබව නායක කමින් හා කණ්ඩායමෙන් ඉවත් කරනවා..මීලග සුදුස්සා Alpha වෙයි..තනි මිනිස් වෘකයෙක් අනාරක්ෂිතයි..වැම්පයර්වරු ඔබව නිසැකවම මරා දමයි.."

දැන් මොකද්ද කරන්නේ? Jayce ඩී ට ගොඩක් ආදරේ කරා.ඒත් ඩී එක්ක තමන්ගේ ජීවිතේ අලුතින් තනි වෘකයෙක් විදියට පටන් ගත්තොත් තමන් වගේම ඩී අනතුරේ බව දැනං හිටියා..ඒත් ඩී නැතුව Jayce ට වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්නත් බෑ...

____________________________________________

____________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Wowwwww....අනේ දෙවියනේ මට හිතාගන්න බෑ...හරිම ලස්සනයි"

"මට නිකමටවත් හිතුනේ නෑ..Jayce මේ විදියට මාව surprise කරයි කියලා"

ඩී ට ගොඩක් සතුටු හිතුනා.Jayce ඩී වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තිබුණා. ..එයා ඩී වෙනුවෙන් ගොඩක් ලස්සනට සරසලා beach එකේ තැනක් වෙන් කරලා තිබුණා..Jayce ට ඕන වුණේ අද දවස වගේම අනිත් හැමදේමත් ඩී ට ගොඩක් විශේෂ කරන්න..

"ඒත් Jayce පෙන්න නෑනේ..එයා මට surprise එකක් දෙන්න හදනවා ඇති"

ඩී ගොඩක් සතුටින් Jayce එනකන් බලං හිටියා..ඒත් පැයකටත් වැඩියි..Jayce ආවේ නෑ..call answer කරෙත් නෑ...ඩී ට ලොකු බයක් වගේම දුකක් දැනුනා...

I  MET  HER [COMPLETED✔]Where stories live. Discover now