"හහ් හහ් හාහා..බලන්නකෝ මෙයාලගේ හදිස්සිය.."

Victor කණ්ඩායමත් එක්ක එතනට ඇවිත් ඉවරයි..ලේ පිපාසයෙන් ඉන්න පිසාචයෝ වගේ උන් වෘක කණ්ඩායම වටේට රැස් වෙන්න ගත්තා.

ලේ පිපාසයෙන් ඉන්න පිසාචයෝ වගේ උන් වෘක කණ්ඩායම වටේට රැස් වෙන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"තමුසෙව මං ඉතුරු කරන් නෑ.."

Jayce තම පියා මෙන්ම තම මව මැරු වේදනාවට ගිනිගෙන දැවෙන්නේය.තමන්ගේ වෛරය දැන් හිතේ කෑගසනවා මෙන් දැනෙන්නට වූයේ මවගේ මිනිමරුවා ඇස් ඉදිරිපිට බැවින්ය..

දැන් සටන ආරම්භ වුණා..වැම්පයර්වරුන් වෘකයන්ගේ බෙල්ලට පැනලා ලේ බොන්න උත්සාහ කරන්නේ දවස් ගාණකින් කාලා නැති මිනිස්සු කෑමකට පොරකනවා වගේ..Victor උන්ව ලේ වලට පිස්සු වට්ටලා තියෙන්නේ උන් තමන්ගේ කෙනෙක්ගේ වුණත් ලේ බොන්න දෙපාරක් හිතන්නේ නෑ..වෘකයෝ වැම්පයර්වරුන්ව කෑලි කෑලි කරන්න පටන් ගත්තා..ඒක ලේ වලින් නෑවුණ යුද්ධයක් වගේ..Alpha ගේ ඇඟට එකපාරටම වැම්පයර්ලා ගොඩක් පැන්නා..Alpha ගේ ඇගේ උන් කුඩැල්ලෝ වගේ එල්ලුනා..Alpha ට හුස්ම ගන්න පවා අපහසු වුණා..

"තාත්තේ.."

Jayce තමන්ගේ ඉස්සරහ හිටපු වැම්පයර්ගේ ඔලුව ගලවලා විසික් කරේ තාත්තා විදින වේදනාව නිසා ඔහුට තිබුණ කෙන්තියත් එක්ක...Jayce ගේ හිත කෑගහන්න ගත්තේ මව මෙන් පියා නැති කර ගන්න බැරි බව කියලයි.. Jayce තාත්තා ලගට යනකොට Victor ඇගට පැන්නා..Jayce ට Victor ගෙන් ගැලවිලා Alpha ව බේරාගන්න බැරි වුණා..Victor ගොඩක් දරුණුයි..ඒ වගේම උපක්‍රමශීලීයි..

වෘකයෝ කාටවත් Alpha ලගට යා ගන්න බැරි වුණා..Alpha වැම්පයර්ලා එක්ක සටන් කරන එක නැවතුණා..
මොකක්ද වුනේ කියලා Jayce ට වගේම කණ්ඩායමේ අනිත් අයටත් හිතා ගන්න බැරි වුණා..

"නෑ..මගේ තාත්තාට මුකුත් වෙන්න බෑ..."

Jayce කෑගහගෙන Victor ව තල්ලු කරලා..Victor ට තතමන්ගේ නියපොතු වලින් ඇනගෙන ඇනගෙන ගියේ මැරියන් කියන අදහසින් මෙන්ය.. පසුව Jayce දුවගෙන ගිහින් Alpha ගේ ඇගේ එල්ලිලා හිටපු උන්ව කෑලි කරන්න ගත්තා..කණ්ඩායමේ අනිත් අයත් Alpha ව බේරාගන්න ලොකු උත්සාහයක් ගත්තේ ඔවුන් තමන්ගේ නායකයාට ඇත්තෙන්ම ආදරය කල නිසයි..

"අපි ආයිත් එනවා Jayce තමුසෙලාව නැත්තට නැති කරන්න.."

Victor ට ටිකක් අමාරු වුණා.අනිත් වැම්පයර්ලා එක්ක කෑලයෙන් පිටවුණේ තමන් ජයගත්තා වැනි හැඟීමක් හිතේ තියාගෙනයි..
මුළු කැලේම ලේ වලින් තෙත් වෙලා..

"තාත්තේ...තාත්තේ ඔයා හොඳින් නේද..කියන්න..අනේ කියන්නකෝ.."

Jayce ට තමන්ගේ තාත්තා තුවාල වල වේදනාව එක්ක අමාරුවෙන් හුස්ම ගන්නවා බලන් ඉන්න බැරුව ගියා..Jayce හොඳටම අඩන්න ගත්තා..ඔහුට දැනුණේ මුලු ලෝකයම කඩාගෙන වැටිලා වගේ

"Jayce..මේ අහන්න කණ්ඩායමේ ඊලග නායකයා ඔයා..Alpha කෙනෙක් වෙන එක ලේසි නෑ..හොද Alpha කෙනෙක් මොනවා උනත් තමන්ගේ කණ්ඩායමටයි..මුල් තැන දෙන්නේ..ඒත් මං මුල් තැන දුන්නේ මගේ ආදරේට.."

Alpha තුවාල වල වේදනාවත් තමන්ගේ අය දාලා යන්න වෙන වේදනාවත් අමාරුවෙන් දරා ගත්තා.

"Jayce ඒත් ඔයා එහෙම කරන්න එපා..කණ්ඩායමේ නීති වලට අනුව වැඩ කරන්න..Master කියන දේ අහන්න..දෛවය වෙනස් කරන්න හදන්න එපා..දැන් කණ්ඩායම තියෙන්නේ ඔයාගේ අතේ.."

Alpha ගේ කාලය තවත් ඉතුරු වෙලා තිබුණේ නැහැ..ඔහුට දැන් තමන්ගේ ආදරණීයන් ගෙන් සමුගන්න කාලය ඇවිත්..

" Alpha..අපිව දාලා යන්න එපා..."

කණ්ඩායමේ හැමෝම අඩන්න පටන් ගත්තා..තමන්ගේ නායකයා ඉතා විශිෂ්ට කෙනෙක් ඔහු සතෙක් වුනත් ආදරණීය කෙනෙක්..කිසිම කෙනෙක්ට ඔහුගේ නැති වීම දරාගන්න පුළුවන් වුණේ නැහැ..
ඒත් දැන් කරන්න දෙයක් නැහැ..Jayce ගේ තාත්තා ඒ වගේම අවසාන Werewolf මේ මුළු ලෝකයෙන්ම සමු අරගෙන අවසානයි....

👉CHAPTER 5👉

Victor කියන්නේ වැම්පයර්වරුන්ගේ නායකයා..එතකොට Felo කියන්නේ Jayce ගේ හොඳම යාලුවා..

I  MET  HER [COMPLETED✔]Where stories live. Discover now