°°°විසිතුන්වෙනි පරිච්ඡේදය°°°

99 9 0
                                    

අහී... නැගිටින්න පැටියො අපි කාලා යන්නෝනා...

අයියගෙ කටහඬට මං ඇහැරෙද්දි අයිය දැනටම නාල තිබ්බා..

ම්ම්.. ඔයා නෑවද අභී,,

ඔව් දැන් හොඳ දරුව වගේ ලෑස්ති වෙන්නකො.. යන්න...

අයිය කියද්දි මං ඇඳේ ඉඳගත්තා.. පොඩියට නිදාගන්න ගියාට මොකෝ හොඳහැටි නින්දගිහින්නෙ.. මං එක අතකින් කොණ්ඩෙ අව්ල් කරගත්තෙ ඈනුමක් යවන ගමන් වෙද්දි අයිය පාත් වෙලා මගෙ කට මිරිකල අල්ලල හාද්දක් තිබ්බ...

කියුට්..

අනේ මේ ලැජ්ජයිනෙ..

අම්මටසිරි අපෙ අහීට ලැජ්ජාව කියල එක්කුත් තියනවද?

අනේ යනව හලෝ යන්න

මං අයියව තල්ලු කරන් බාතෲම් එකට ගිහින් හොඳට නාගත්තා... ඉන්න මේ යකා මෙච්චර ඒසී දාන් නිදාගන්නෙ ගල් වෙන්නැද්ද මංද.. හරි ඉතින් මං කියල අමුතුවෙන් වෙනසක් නෑ ඉතින්... ඒත් සාපේක්ශව අයියගෙ ඒසී එක වැඩී.. ටේබල් එක උඩ තිබ්බ හැම ශැම්පො ජාතියක්ම ගාල නාල මං බාත්‍රෝබ් එක ඇඳන් එලියට ආව. සුවඳ බලපල්ලකො.. මේක තමා එහෙනං මෙයාගෙ සුවඳෙ රහස හුම්.

අයිය නෑ කියල වටපිට බලල තේරුම් යද්දි මං ඉක්මනට දුඹුරුපාට ශෝටකට කළුපාට ශර්ට් එකක් දාගත්තා... අහල තියනව පලවෙනි පාර සිරීපාදෙ යනවනං යන හැමෝම කෝඩුකාරයො වෙන්න හොඳ නෑයි කියල... ඒත් මං අදුරන නම්කි කෙනෙක් ගිහින් තිබ්බ එයාල හැමෝම කෝඩුකාරයො.. මං හරීයටම දන්නෑ.. ඒත් කෝඩුකාරයො තනියම යන්න හොඳ නැත්තෙ අවාරෙ කියලත් කියනව.. කවුද දන්නෙ අනේ එක එක අය එක එක කතා කියනව... තව සමහරු කියනව සිරීපාදෙ ගිහින් අතරමන් උනාම සමන් දෙයියො මනුස්ස රූපයක් අරන් එයාලව බේරගන්න එනවයි කියල... මං ෆේස්බුක් එකේ දැක්ක කතාවක් කියන්නම්.. ඇත්ත බොරු මොකද්ද කියල නම් මාත් දන්නෑ.. ඒකෙ තිබ්බෙ මෙහෙම සටහනක්..

අපෙ අම්ම පුංචිකාලෙ එයාල සිරීපාදේ ගිහින් තිබ්බ... අපෙ අම්මගෙ පවුලෙ අය තමයි ගිහින් තිබ්බේ... ඉතින් කට්ටිය එක්ක කැළෑ පාරෙන් නැගල.. ඒ පාරෙන්ම බහිනකොට අම්මලාට කට්ටිය මගෑරිල.. අම්මයි තව එයා වගේම පළවෙනි පාරට ගිය එයාලගෙ අක්ක කෙනෙකුයි තව වඩාගෙන ඉඳපු පොඩි මල්ලි කෙනෙකුයි වෙද්දි එයාලත් කොහොමහරි පාර හොයන් යනවයි කියල හිතල ටිකක් බහිද්දි එක සීයා කෙනෙක් හරිද.. එයා හරි හිමීට සිරීපාදෙ බහිනවලු.. ඉතින් අම්මල එයා එක්ක කතාවට වැටුනම අම්මල කිව්වලු කට්ටිය මගෑරුනා පලවෙනි පාරට තමයි ආවෙ එයාල කියල.. පස්සෙ අර සීයත් කිව්වලු එහෙනං මං එක්ක යන්නම් කියල.. ඕම ටික දුරක් යද්දි කඩයක් හම්බුනාලු... අම්මලට බඩගිනි වෙලාලු දැන්.. අර සීයා කිව්වලු කන දෙයක් කන්න කියල අම්මල කාල එහෙම ආයෙ යන්න ගත්තම තව කඩයක් තිබ්බලු... එතනින් අර සීයට හිනාවෙලා ඇහුවලු.. ආ උන්නැහේ මස් අරන් යනවද කියල පස්සෙ අර සීයත් හිනාවෙලා ඔව් කියල ආය යන්න ගත්තලු... දැන් අම්මල බයවෙලාලු හොඳටම මොකද අර දෙන්න කතාකරපු එක ඇහුනනෙ හොඳටම.. ඉතින් අම්මල ඒත් සද්ද නැතුව ඒ මනුස්සය පස්සෙන් බැහැල යද්දි අන්තිමේ අර සීයා කිව්වලු මීට ටිකක් පල්ලෙහාට වෙන්න ඔයාලගෙ නඩේ අය ඉන්නවා.. තව අතරමන් වෙච්ච කෝඩුකාරයො ඉන්නවා.. මං එයාලවත් එක්ක එන්නං කියල... පස්සෙ අර සීයා ආපහු උඩට යන්න යද්දි අම්මල ඉක්මනට පල්ලෙහට බැහැල එයාලගෙ නඩේ ගාවට ගියාලු... ඉතින් එතන අයට සිද්දිය කිව්වම කිව්වෙ ඒ සමන් දෙයියො වෙන්න ඇතී කියලලු

තේව් !Where stories live. Discover now