°°°දාහතරවෙනි පරිච්ඡේදය°°°

146 17 2
                                    

ඊළඟ විනාඩියෙ අපි ඔක්කොම හිටියෙ තැන පඩිපෙළේ ඉඳගෙන. අභිසෙස් අයිය ටිකක් බැරෑරුම් විදියට මං දිහා වගේම අශ්වින් දිහා බැලුව. අශෙල් අයියත් අහිංසක පාට් එකක් දාන් හිටිය. මගෙ මූණෙන් දාඩිය දාන්න අරන් තිබ්බ වගේම මං කල්පනා කලේ ඊළඟට අභිසෙස් අයිය මොන වගේ දෙයක්ද කියල. 

අශෙල් අයිය මුලිං කතා කරා

අශ්වින් මට පොඩ්ඩක් තනියෙන් කතා කරන්න ඕන.

මම අශ්වින් දිහා බලද්දි ඌ අහක බලන් ඉඳල නැගිටල ගියා.. අශෙල් අයියත් ඌ පස්සෙන් යද්දි කිඹුල්ලු දෙන්නත් එතනින් යන්න ගියෙ මමයි අභිසෙස් අයියයි එතන තනි වෙද්දි. අයිය මගෙ අත් දෙකෙන් අල්ලගත්ත.

අහී...

මං කිසිම කතාවක් නැතුව අයියගෙ ඇස් දිහා බලන් හිටිය. ඒ ඇස් වල ලාවට කඳුළු පටලයක් පේද්දි මට පපුවෙ හීනියට රිදුමක් එනව දැනුන. දිගටම මං අයිය දිහා බලං හිටිය. අයියගෙ මූණ අල්ලන්න මට ඕන උනත් එයා මගෙ අත් දෙක එයාගෙ අත් අතරෙ තියන් ඉඳපු හින්ද මං ඔහේ අයිය දිහා බලන් හිටිය.

අහී මේ අහන්න. ඉස්සරහට මොන ප්‍රශ්නෙ උනත් අහීට මං එක්ක ඉන්න පුලුවන් ද? මගෙ අහිංස වෙලා?

ඇ-ඇයි අයියෙ එකපාරට?

එකපාරට නෙමෙයි. මේ හැමදේම මහ කාලයක් යන්න කලින් අපෙ තාත්තට ආරංචි වෙයි. අපෙ තාත්තගෙ බිස්නස් උනත් සේරම මං දැන් බාගයක් බලන්නෙ. ඉතින් තාත්තගෙ විරුද්ද පැත්තෙ අය කොහොම හරි මාව ඇටෑක් කරන්න හදන්නෙ. ඉත්-

අයියගෙ කටහඬ බිඳීගන ආව..

ඉතින් දැන් මාව ටාගට් කරන්න ඔයා අල්ලගන අහී... මට බෑ මගෙ අහිංසට කරදරයක් වෙන්න දෙන්න. මං හිතුවෙ නෑ මෙහෙම දෙයක් වේවි කියල.මට සමාවදෙන්න අහී... මං අද උදේ ගියෙ ඒක බලන්න. කෙනා කවුද කියල හොයාගන්න බැරි උනා මට. මං ෆේල් අහී...

අයියගෙ ඇස් වලින් කඳුලු වැටෙන්න ගත්ත. මනුස්සයෙක් මෙච්චරයි වීක් වෙන්න පුලුවන්ද ?

තේව් !Where stories live. Discover now