°°°දහ අටවෙනි පරිච්ඡේදය°°°

555 39 0
                                    

මං හිටියෙ යුනි එක ඉස්සරහ....ඊයෙ සිද්දියෙන් පස්සෙ අශ්වින්ගෙ මූණ ගාව මට වඩා ඉදිමිල තිබ්බ...ඒ වගේම මගෙ කුංෆු පැන්ඩයි උගෙ පාප මිත්‍රයයි එනකල් අපි දෙන්න එක්ක බැල්කනියෙ හිටගන මුහුදත් එක්ක පේන පාර දිහා බලන් හිටියෙ...ඇත්තටම ඒක මාර ලස්සන වීව් එකක්...තාම උදේ නිසාද මංද ලාවට මීදුම් පටලයක් බැදිල තිබ්බ... කෙල්ලො ටිකක් කුටුකුටු ගගා අපි ළඟින් ගියෙ මගෙයි අශ්වින්ගෙයි මූණවල් වල තියන පැල්ලම් බල බල... ඒ වගේම එතනින් එකියක් මං දිහාට තල්ලු කරද්දි මං ඉක්මනට බැම්ම ගාවින් අහකට උනා...වැදුන නං මාත් එක්කම වැටෙනව...මාර ගායක් මුන්ට තියෙන්නෙ ඇත්තමයි.......මේකි කතාවට එයිද දන්නෑ හයියෝ වාතයක් වෙන්නයි යන්නෙ

මේ...ඔයාලගෙ මූණට මොකද උනේ??

මං හිතුව වගේම ඒකි මං එක්ක කතාවට ආව. අශ්වින් අත් දෙකත් බැඳන් බලන් ඉන්නව...අරකි හැටේ ඇඹරෙනව...තව ටිකක් ඇඹරුනොත් නං අවශ්‍යම දේවල් ගැලවිල බිමට වැටෙයි.....

පොඩි ප්‍රශ්නයක් වෙලා ඇයි නංගි මොකද්ද වෙන්නෝන?

මට පිටිපස්සෙන් අභිසෙස් අයියගෙ සීතල කටහඬ ඇහෙද්දි මට ඉබේම කෙළ ගිලුනා.. අද බඩු හරි වගේ.... අර කෙල්ලත් ටිකක් වෙලා ඇස් ලොකු කරන් ඉඳල හීන් සීරුවෙ එතනිං මාරු උනා... මමත් මට තියන මෝඩම හිනාව එලි දක්වගන අභිසෙස් අයියදිහාට හැරුනෙ මගෙ දබර ඇඟිලි දෙක එකට පූට්ටු කරන්. මං කෙලිම්ම බැලුවෙ අයියගෙ මූණ....බුදු සන්තෝ රතු වෙලා...ඊරිසියාවෙ පැලෙනව...පොරි ටිකක් දැම්ම නං පටපට ගාල පුපුරන සයිස් එකයි...කරන්න දෙයක් නෑ හුරතලේ දාලවත් බලමු

ගුම්මෝනිම් මගෙ අයියෙ

අභිසෙස් අයිය අහක බලාගෙන මුහුද දිහා බැලුව...

ලොකුද ඒකිගෙ?

අභිසෙස් අයිය අහද්දි ම්ංං පොඩ්ඩ්ක් එයා දිහා බලන් හිටියා...තරහටම පූට්ටු වෙච්ච ඇහිබැම...මොකුත් කියාගන්ඩ බැරුව වෙව්ලන ඒ තොල්පටවල් රත්වෙච්ච කන්දෙක... අනෙහ් මගෙ පිස්සුහාවට ජලබීතිකාව හැදිල.... මං සේප් එකේ කට්ටිය එනවද බලල පිටිපස්සෙං එයාව තුරුල් කරගත්ත... මගෙ අත ගසල දාපු අභිසෙස් අයිය මගෙන් අඩියක් ඈතට ගියා... දෙයියනේ දැන්නං කර ගඳකුත් එනව

ThewWhere stories live. Discover now