හතළිස් එක්වන මන්දාරම 🍁

1.4K 264 117
                                    

__________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________________________

" රෂාන් මේ ඉන්නෙ නිලංග .. නිලංග සමරසිංහ .. මගෙ හස්බන්ඩ් .."

ඈහ් හස්බන්ඩ් ..! යකෝ හස්බන්ඩ් කෙනෙකුත් ඉද්දිද මගෙ බ්‍රිගේඩියර් බස්සා පස්සෙන් ආවෙ .. දෙවියනේ මේමත් ගෑනු ..
ඒත් පොඩ්ඩක් ඉන්න ..
හස්බන්ඩ්ගෙ නම නිලංග කියලද කිව්වෙ .. ඒ මං හිතන නිලංගමද .. ?

ඔව් ඔව් දෙමියනේ මේ අර උස සුදු හැන්ඩ්සම් දත් දොස්තර කාරයා තමයි ඒයි ... ඒ වුනාට අපේ එක්කෙනා තරම් හැන්ඩ්සම් නෑ හරිත..
ඒ වුනාට අනේ... හිරුෂ ..!
හිරුෂ මැණිකේ ඔයා කොහෙද ඒයි මෙන්න ඔයැයිගෙ ක්‍රෂ් එක නිලංග සමරසිංහ දත් දොස්තරයා ඇවිත් ..!

ඒත් පොඩ්ඩන්ක් ඉන්න .. මේ සුදු කපුටි කිව්වෙ හිරුෂගෙ ක්‍රෂ් එක නිලංග දත් දොස්තරයා එයාගෙ හස්බන්ඩ් කියල නේද .. එතෝට හිරුෂයගෙ ක්‍රෂ් එකත් චක බ්ලාස් ද..

" නිලංග මේ ඉන්නෙ රෂාන් .. රෂාන් අබේවික්‍රම .."

"  අපි දෙන්න ක්ලාස් මේට්ස්ලා .. අවුරුදු ගානකින් අද තමයි හම්බ වුනේ නේද රෂාන් .."

" ම්ම් ඔව් .."

දෙවියනේ .. සුදු කපුටියි මගෙ බස්සයි දෙන්න ක්ලාස් මේට්ස්ලලු ..!
එතකොට මෙච්චර වෙලාම මං වලිගෙ පාගගෙනද දගලලා තියෙන්නෙ ..
කොච්චර දේවල්නම් හිතුවද මං මේ පුංචි මොලේ වෙහෙසලා ..
පොඩ්ඩක් හෝව් .. කරෙක්ශන්..
වලිගෙ පාගගෙන දැගලුව කිව්වට මට ඇති වලිගයක් නෑ .. මොකෝ වලිගයක් තියෙන්න මං හරකෙක් ද බූරුවෙක් ද නෑනෙ .. නේද මං එහෙම නෑනෙ .. ඒක වැරදී ..

අනික මේ දෙන්න ක්ලාස් මේට්ස්ලා වුනත් ඒ විදියට වෙන්න ඕන නෑනෙ .. එහෙම නැත්තන් මට පුංචිහරි පැහැදිලි කිරීමක් කරල තියන්න ඕන ඒ දෙන්න යාලුවො කියලා .. එහෙම කියන්නෙත් නැතුව මං කොහොමද එයාලා නිකන් යාලුවො විතරයි කියල දැන ගන්නෙ ..
එහෙම දැනගත්තත් ඒ විදියට මගෙ එක්කෙනාගෙ උකුලෙ වාඩි වෙලා මුකුළු කරන්න ඕන නෑනෙ ..
ඇයි අනේ මට ඉරිසියා හිතෙනවනෙ එහෙම වුනාම ..
නේද ම්හුක්..!

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now