තිස් නවවන මන්දාරම 🍁

1.4K 259 259
                                    

___________________________________________________________________

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


___________________________________________________________________


අවුරුදු උත්සවේ උදේ අටයි තිහ වෙද්දි පටන් ගන්නවා කිව්වට පොල්තෙල් පහන පත්තු කරලා අධ්‍යක්ෂකගේ පිළිගැනීමේ කතා අනම් මනම් ඔක්කොම ඉවර වෙද්දි වෙනදා වගේම අදත් වෙලාව පරක්කුයි.. දැන් වෙලාව නයව හමාරටත් කිට්ටුයි .. පිළිගැනීම් කතා ඉවර වුනාට පස්සෙ තිබුනෙ අවුරුදු කැවිලි කන්න ..

හරියටම නවයයි තිහ වෙද්දි හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් අවුරුදු කැවිලි මේසයක් සූදානම් වෙලා තිබුනා වගේම අපිට ආරාධනාත් ලැබුනා කැවිලිවල රස බලන්න .. හැමෝම වගේ පිලිවෙලටකට ගිහින් පේපර් ප්ලේට් එක ගානේ අරගෙන ඒ ප්ලේට් එකට තමන් කන්න කැමති කැවිලි මොනාහරි එක්ක කෙසෙල් ගෙඩියක් බීම වීදුරුවක් අරගෙන පැත්තකට වුනා ..

පැය භාගයකට ආසන්න වෙලාවක් කැවිලි මේසය විවෘතව තිබිලා අන්තිමට ඒකත් අයින් කරල අපි හැමෝම ආවෙ අවුරුදු උත්සවේ හරියාකාරව ආරම්භ කරන්න ..

ආආ කියන්න බැරි වුනානෙ ..
මෙදා අවුරුදු උත්සවේ නිවේදක තනතුරු දෙක ලැබිලා තිබුනෙ අපේ හිරුෂටයි ඩොක්ටර් සෙහස්ටයි දෙන්නට ..
මයික් දෙකත් තියාගෙන ගිරව් වගේ කියවනවා දෙන්නත් එක්ක .. සමහර වෙලාවට මහ මොංගල් විහිලු කරල උන් දෙන්නම හිනාවෙනවා ..
අනේ මන්දා , මරු ජෝඩුව නිවේදනයට තෝරගෙන තියෙන්නෙත් ..
දෙන්නම ඉතින් තකට තක ඩබලක් ..

ඒක වැඩක් නෑ දැන් මං මේ බයෙන් ඉන්නෙ අනේහ් .. ඇයි කිව්වොත් උදේ අපි තුන්දෙනත් එක්කම එද්දි මූණට මූණ හම්බවුන හිරුෂයගෙ මූණෙ ඒ වෙලාවෙ තිබුන කැත හිනාව තමයි හේතුව ..

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
මන්දාරම් අහස යට || TK Nonfic ♡Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ