හතළිස්වන මන්දාරම 🍁

1.2K 257 107
                                    

_____________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_____________________________________________________________________

" මිහික වතුර පුරවපු බෝල අල්ලන්න යමුද .."

" බෑ ..!"

" ඇයි ..?"

" මං ආස නෑ .."

" ඒ මොකද .. ගිහින් බලමු .. එන්න .."

" මට බෑ අනේ ..!"

මායි මීණුයි දෙන්න ලගට ඇවිත් එයා මගෙන් වතුර පුරවපු බැලුම් අල්ලන්න යමුද කියලා ඇහුවත් මං නිකන් ගහන්න වගේ බෑ කිව්වා .. මට බෑ ඔය වතුර බෝල අල්ලන්න ගිහින් නාගෙන එන්න .. ඒ නැතත් අර සංගීත පුටු තරගෙ සිද්දිය වෙනුවෙන් මගෙ හිතේ එයා ගැන පොඩි කේන්තියක් තාම ඉතුරු වෙලා තිබුන නිසා කොහෙත්ම බෑ දැන් ..

ඇත්තමයි එතන ගොඩක් කට්ටිය හිටියෙ නැත්නම් එහෙම මට ඒ වෙලාවෙ දැනුන කේන්තියට හෝ ඉරිසියාවට එහෙම නැත්නම් ඒ දෙකටම හෝ මං අර සුදු කපුටිගෙ කපුටු කූඩෙන් ඇදල අරගෙන ඒකගෙ කනට දෙකක් දීලා බිමට ඇදල දාලා වුනත් මට ඒක එතන කරන්න බැරි නිසාම මං පාඩුවෙ හිටිය ..

කොහොමහරි ඉතින් විනාඩියක් විතර මගෙ මනුස්පයගෙ උකුලෙ වාඩිවෙලා හිටිය ඒකි නැගිටලා එතනින් යන්න ගියෙ අපේ එක්කෙනාට අතට අතත් දීලා තරගෙ දිනුවට සුබ පැතුමුත් එකතු කරලා ..
මේ මිනියත් හිනාවෙලා තෑන්ක් කරද්දි ඒකි ඇබරෙනවා හරියට නිකන් පණු අමාරුව හැදිලා වගේ ..
අනේ ඇත්තට මගෙ මිනිහා වුනාට මොකද මෙච්චර කාලෙකට මටවත් එහෙම හිනාවෙලා නෑ ඔය මනුස්පයා ..
මට ඒකමයි මෙච්චර කේන්ති ..!

" මං කෝල් එකක් අරගෙන එන්නම් .."

එයා කිව්වත් මං මොකුත් නොකියා අහක බලාගෙන ඉද්දි ෆෝන් එකත් අරගෙන එයා අපි ලගින් එහාට ගියා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now