Yashodhra pov
මටත් ඕනේ!කියාගන්නම බැරි හැගීම් පවා ලස්සනට තේරුම් ගන්න පුලුවන් වෙන මනුස්සයෙක්ව.
මගේ ජීවිතෙ මට හම්බෙලා නැතිම දේ ඒක වෙන්න ඇති.
උදේ ඉදන් ස්කෝලෙ ඉදලා ඉදලා අන්තිමට හවසට ගෙදරට ආවාට පස්සෙ නින්දක් දාලා අන්න ඊටත් පස්සෙ ගෙවෙන හවසට මම හරි ආසයි.මේ වෙලාවට මේ වගේ රස තේකකුත් අතේ තියාගෙන ඉස්තෝප්පුවෙ තියෙන පඩියෙන් වාඩි වෙලා එලිය බලන් ඉද්දි තමයි මම හරි සිහියට එන්නෙ.නැ එක්කෝ මේක වෙන්න ඇති මම ගෙවන පිස්සු වේලාව.මොකද මට මේ වෙලාවට හිතට එන දේවල් වලට මට මටම පොල්ලෙන් ගහ ගහන්න හිතෙනවා.මම තනි වෙලාද?නැ එහෙම වෙන්නෙ කොහොමද මට ඕනතරම් අය ඉන්නවනෙ.ඒත් කවුද ඒ!!ඇත්තම කියනවනම් මේ දුක වෙන මොකක්වත් නෙවෙයි වෙනුකගෙයි මගෙයි පොඩි දුරස් වීම වෙන්න ඇති.
ඒත් ඇයි අනිත් අය??මට ඇයි මෙච්චර මාත් එක්කම තරහා.මේක හරි පුංචි දෙයක්නෙ යශෝදර!!ඇයි මට මෙච්චර ආදිත් එක්ක තරහා.මට හිතෙනවා සමහරවිට මම වැරදිද?මම දැන් සමාවගන්න ඕනිද එයාගෙන්?එතකොට ඔක්කොම හරිද?ආයිශ්..............දැන් නම් මේක මහ වදයක්.
මම මොකටද කාගෙන්වත් එහෙම සමාව ගන්නෙ.නැ යශෝදර උබ එහෙම වෙන්න ඕනි නැ.කිව්වනෙ ඌ ම අපිත් එක්ක ඉන්නවනම් අපි ගැන හොයන්න එපා කියලා.ඉතින් ඊට වැඩිය හොදයි මම පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා.එතකොට කාටත් ප්‍රශ්නයක් නැනෙ.ආදිත් කියන්නෙ නිකම්ම නිකන් කෙනෙක් විතරයිනෙ.ඇයි උබ එච්චර වද වෙන්නෙ ඕක ගැන.
අනික තනියම ඉන්න එක මට හුරු නැති දැයක් නෙවෙයිනෙ.ඒක මහ දෙයක් නෙවෙයි පොඩි කාලෙන් ඉදන්ම මම ඒකට හිමීට පුරුදු වෙච්ච කෙනෙක්.ඉතින් මේවා මහ දේවල්ද මට.
පැත්තකින් තියලා තිබ්බ මගේ පෝන් එක අරන් මන් බැලුවෙ මගේ අත දිහා ඒකෙ පොඩියට මම ලියා ගත්ත චිරානයගෙ නම්බර් එක ඩයල් කරලා මම පෝන් එක කනේ තියා ගත්තෙ මොංගල් මනස්ගාත හිත හිත ඉන්නවට වැඩිය මේ වැඩෙ හරි කරනවා කියලා හිතලා.මොකද චිරාන් අලුතින් ස්කොලෙට එන නිසා මොනවා කර ගනීද දන්නැ.යුනිෆෝම් එහෙම ඉතින් ඔක්කොම ලෑස්ති කරගන්නත් එපැයි.