Chapter 7

141 24 22
                                    

Yashodhra pov

"ඇත්තටම මේ පැත්ත හරි නිස්කලංකයි නේ!! ලොකු රස්නෙකුත් නැ" මිචෙල්ලා කිව්වා.

"අහ් ඔව් අනේ....දැක්කනෙ අපි දැන් අර ගියපු ඇලේ...වතුර වල සීතල"

"අප්පාහ් ඔව්!! අපි දවසක එනවා හොදේ නාලා යන්න.කොහෙද යශා අපිට කලින් කිව්වෙ නැනෙ ඇලක් ගැන" ශේන් කිව්වෙ මන් දිහා බලන ගමන්.

"ඕවා මොනවද අනේ!! යශ් ගෙ අම්මලා ඉන්න පැත්ත තමා මරුම.පට්ට ලස්සනයි!!!!ගියොත් එන්න හිතෙන්නැ" වෙනුක් කිව්වේ රස කර කර.

"එහෙනම් නොයා ඉමු...."ශේන් කිව්වෙ හිනා වෙන ගමන්.

"අනේ මේ ඕයි.....තමුසෙට මාව විහිලුවක් වගේද පේන්නෙ දැන්."

"දැන් ඉතින් ඔයාමනෙ කිව්වෙ ගියෙ⁣ාත් එන්න වෙන්නැ කියලා.....ඒක නම් භයානකයි චූටි...අපි ඒ හින්දා නොයා ඉමු" ශේන් කිව්වෙ වෙනුක්ගෙ තරහා තවත් අවුස්සන ගමන්.

"අම්මෝ මේ...උබලා දෙන්නගෙ හුරතලෙ ඉවර නම් යමන්ද ගෙදරට" ආදිත් කිව්වෙ ඉස්සර වෙලා යන ගමන්.

අපි ගියේ පොඩ්ඩක් මේ පැත්ත බලලා එන්න.මමත් ඉතින් ඔහේ මේ භූත බංගලාවෙ හිටියට වැඩිය කොහෙවත් යැවෙන්නෙ නැ.පස්සෙ අපි රවුමක් දෙකක් දාලා ආයෙත් ගෙදරටම ආවා.

"හවස් වී ⁣ගෙනත් එනවා ශේනා...මොකෝ කරන්නෙ යන්නැද්ද?" මිචෙල් ඇහුවේ කරුවල වි ගෙන එන එලිය දිහා බලලා.

"කොහේ යන්නද බල්ලෝ....අද රෑ මෙහෙ ඉන්නෙ..."

"අඩෝ පිස්සුද උබට!! අපි ඇදුම් ගෙනාවෙත් නැ" ආදිත් කිව්වෙ අත් දෙකත් ඉනේ තියාගෙන.

"ඔන්න මම නම්⁣ ගෙනාවා...චූටි ඔයත් ගෙනාවනෙ...මම කිව්වා ඔයාට ඊයේ මතකනෙ" ශේන් කිව්වෙ වෙනුකයා දිහා බලලා.

"හරි හරි ඕයි...ගේන්න දෙයක් නැ මෙහෙ මගේ ඇදුම් තියේ..."

"අහ් එහෙනම් හරිනෙ! ඔය තියන ඇදුමක් චූටි ඔයා මිචෙල්ටත් දෙන්න.යශෝදර උබේ තියන ඇදුමක් දීපන් ආදිට...." ශේන් කිව්වෙ හැමෝගෙම ප්‍රශ්න විසදන ගමන්.

"උබ නම් ශේන්.....හරි දැන් අහපන්කෝ..හෙට ස්කෝලෙ යකෝ අනික හෙට අර ඉවෙන්ට් එකත් තියනවා." ආදිත් කිව්වේ ශේන් දිහා කේන්තියෙන් බලාගෙන.

ආදිත්...Where stories live. Discover now