chapter 3

146 24 15
                                    

අද තමයි ස්කෝලෙ Sport Event එකට ලෑස්ති වෙන පලවෙනිම දවස ඉතින් යශෝදරයි වෙනුකයි දෙන්නම හිටියෙ පාට ඇදුම් වලින් බස් එකේ.මගදි වෙනුකගෙ ක්‍රෂ් එක ඇතුලු කණ්ඩායමත් බස් එකට නැග්ගා.

"මොකෝ බන් උබලා පාට ඇදුම්"ශේන් අපිව දැක්ක ගමන් ඇහුවා.

"Sport event එකට ප්‍රැක්ටිස් බන්"මම කිව්වා ශේන් 'අහ්හ්' කියලා තුන් දෙනාම පිටි පස්සට ගියා.

"අපරාදෙ අපිටත් පාටිපස්සෙ වාඩි වෙන්න තිබ්බෙ,මගුල "

"අනේ මේ කටවහගෙන යමන් මට්ටයා.මලමගුලක් උනානෙ මේක ඕවා හිතින් අතඇරලා දාපන් බන් බලපන් උබේ මේ යාලුවා...ඒ දිහා බලලවත් හැදියන් අඩුම තරමේ."
මම කිව්වේ මගේ කණ්ණාඩිය අරන් ඒකෙ Glass එකට හීමීට පිබින ගමන්.

ඇත්තටම ආදරේ කියන්නෙ හැමෝටම ඕන දෙයක් හැමෝම ආස දෙයක් මට නැතත් ඒක මුට දෙන්න ඕනෙ මම දන්නෙ එච්චරයි.ඒත් කොහොමද මම කියලත්⁣ මොනවා කරන්නද?මට පුලුවන් හරිය මන් කරානෙ.බලමුකො වෙන දෙයක් වෙයිනෙ.

ස්කොලෙ ඇතුලට ගියපු ගමන් අපි ගියේ පිට්ටනියට යද්දිත් ලමයි ගොඩ..ඇවිත් හිටියෙ.පිට්ටනියට ටිකක් එහාට වෙන්න තියෙනවා Sport room එක ඒකෙ මෙහාපැත්තෙ තියෙන ස්ටේජ් එක උඩින් අපි බෑග් තිබ්බා.Sport room එක එහා පැත්තෙ තියෙන්නෙ Max class එක.කොහොම හරි බැග් තියලා පිට්ටනියට ගියා.පිට්ටනිය පිරෙන්න ලමයි Event එකට සරඹ සංදර්ශන ජිම්නාස්ටික් ද මොනවද මන්දා ඒවා පවා තියෙනවා.

ඒ අස්සෙ අපිට ප්‍රැක්ටිස් කරන්න ඇවිත් තියන සර් මේ ලග ගර්ල්ස් ස්කූල් එහෙකත් ප්‍රැක්ටිස් කරනවා සර් කාරයට පිස්සුද මන්දා ඒ ටීම් එකේ කෙල්ලො ටිකත් අපෙ ස්කොලෙට එක්කන් ඇවිල්ලා මන් හිතන විදිහට මෙයාලත් Event එකේ යනවා වගේ.එහෙමය් කියලා මේ කරවල කෑලි ටික මේක අස්සට දාලා, හපොයි උදේ පාන්දර ඉතින් ජිවිතේට පිට්ටනියට එන්නෙ නැති අපෙ ස්කොලෙ අයියලා පවා අද පිට්ටනියෙ.
මන් බැලුවෙ හොදම මදි අඩුපාඩුව ශේන් නැද්ද කියලා මේ වගේ අවස්ථාවක ශේන් නැ කියන්නෙ ඉතින් වැඩක් නැ.හැබැයි අද උදේ ඉදන්ම ශේන් තියා එයාගෙ ඕපපාතිකයන් දෙන්නම වැඩිය පේන්න හිටියෙ නැ ස්කොලෙ.

කොහොම කොහොම හරි ප්‍රැක්ටිස් පටන් ගන්නත් කලින් අර කෙල්ලෝ ටික නම් අපිත් එක්ක පට්ටම පිට් වුනා.මම හිටියේ ස්ටේජ් එක උඩට වෙලා කට්ටියත් එක්ක කයියක් දාගෙන.වෙනුකයත් කොහේද මන්දා ඉදන් එතනට ආවා.

ආදිත්...Where stories live. Discover now