හතලිස් අටවන හිමිවීම 💙

646 142 32
                                    

මිතුනි හිටියේ කේන්තියෙන් පුපුරු ගහමින්......

මහිත් තමන්ව ප්‍රතික්ෂේප කරපු එක...... සනුත් මහිත්ගේත් තමන්ගේත් ඉදිරියේ පෙනී ඉඳපු නාඩගම..... ඊටත් පස්සේ මහිත් ඔෆිස් එක මැද්දෙම තමන්ට මහ සද්දෙ බැනපු එක.... ඔය කිව්ව ඔක්කොම කාරුණු කාරණා එකින් එකට කලවම් වෙලා මිතුනි හිටියේ කෝපයෙන් වියරු වැටිලා......

කේන්තියෙන් ඇස් අන්ධ වුණ මනුස්සයෙක්ට ඒ මොහොතෙදි තමන් කියන්නේ කරන්නේ මොනවද කියලා කිසිම අවබෝධයක් නැහැ.....

ඒ වගේමයි මිතුනිත්........ තරහෙන් වියරු වැටිලා කළ යුත්ත නොකළ යුත්ත හිතාගන්න බැරුව මහිත්ගේ කාර්‍යාලයෙන් එලියට බැහැපු මිතුනි කෙලින්ම ගියේ සවින්ද හොයාගෙන......

ඇල්කොහොල් වීදුරු ගණනින් හිස් වෙලා...... ඊළඟට බෝතල් ගණනින් හිස් වෙද්දි....    ආපිටට කිසිම දෙයක්  නොකියාම මිතුනිගේ හැම වචනයක් ගානේම ඉවසගෙන හිටපු සවින්ද ඒ වෙනුවට අය කළ ගත මනාව මිතුනිගේ ශරීරය.....

බමන මතින් මුළු රැයක් පුරාවට අවසිහියෙන් නිරුවතින් අනඟ රැඟුම් පෑව මිතුනි පහුවෙනිදා උදේ ඇහැරුණේ සවින්දගේ නිරුවත් උඩුකය අතරේ......

ඇස් ඇරගන්න මොහොතක් වැය කරන්න කලින් මිතුනිට පැලෙන්න හදන හිස අත් දෙකෙන්ම පිරිමදින්න වුනේ දරාගන්න බැරි බමන ගතිය නිසයි.....

මිතුනි හෙමින් ඇස් පියන් විවර කරලා ඇඳෙන් නැගිටින්න හැදුවත් සවින්දගේ ශක්තිමත් බාහුවක් ඇවිත් මිතුනිව තවත් තමන්ගේ උඩු කයට තද කර ගත්තා......

"මට..... යන්න ඕන.... "

මිතුනි කිව්වේ සවින්දගේ යෝධ අත් වලින් ගැලවෙන්න උත්සාහ කරන ගමන්......

"මෙච්චර උදෙන් කොහේ යන්නද..... තව ටිකක් ඉඳලා බ්‍රෙක් ෆස්ට් එකත් අරගෙනම යං....."

දෑස් විවෘත නොකරම සවින්ද එහෙම කිව්වේ තව තවත් මිතුනි ව තමන්ගේ අස්සටම ළං කරන ගමන්.....

"ම්....මට .... ගමනක් .... යන්....න....තියෙ.... නවා..... ස...වින්...ද..... Let Me Go...."

කෙසඟ අත් වලින් තල්ලු කරමින් සවින්දගේ පපුවෙන් ඈත් වෙන්න දඟලන ගමන් මිතුනි කිව්වා......

හිමි අහිමි 💙Where stories live. Discover now